පියාගේ උපන්දිනය දා, උතුම් ආශිර්වාදාත්මක පිංකමක් කළ මාෂි
ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ වන මාෂිට ඊයේ විශේෂ දවසක් වුණා. ඒ ඇගේ පියාගේ උපන්දිනය යෙදී තිබීම. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු සටහනක් ද මුහුණු පොතට එකතු කරලා තිබුණා. ඒ වගේම තමයි ඔහුගේ උපන්දිනය දා උතුම් පින් කටයුත්තක් ද සිදුකර තිබුණා.
මේ ඒ ගැන ඇය තබා තිබූ සටහන සහ ඡායාරූප එකතුවයි.
"මාගේ ආදරනීය පියානන්ගේ Nimal Siriwardena උපන්දිනය නිමිති කොට ගෙන අශිර්වාදාත්මක පිරිත් පිංකමක් සහ දානමය පුන්‍යකර්මයක් අති පූජ්‍ය සද්ධානන්ද පන්ඩිත ස්මාවීන් වහන්සේ Saddhananda Thero ප්රමුඛ මහා සංඝරත්නයේ සහ පවුලේ ඥාතීන් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිනි. ඊට සහභාගී වූ නොවූ ,සහය දුන්, සෙත් පැතූ සැමට මේ පිං අනුමෝදන් වේවා"