පැය 7ක සැත්කමකින් පසුව ජැක්සන් ඇන්තනී කතා කරයි
හදිසි අනතුරකට මුහුණදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී සුව අතට පත් වී ඇති බවත් ඔහු කතා කළ බවත් රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා.
ශල්‍යකර්මයෙන් පසුව ශ්වසන ආධාර මැෂිමකට යොමුකර තිබුණු ජැක්සන් ඇන්තනී පෙරේදා දහවල් වන විට එම ශ්වසන ආධාර මැෂිමෙන් ඉවත් කර සාමාන්‍ය ආකාරයට ඔක්සිජන් දීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
පසුගිය දෙවැනිදා රාත්‍රි 9:30 ට පමණ අනුරාධපුර තලාව ප්‍රදේශ්යේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගධර ජැක්සන් ඇන්තනීට පසුගියදා (4) කොළඹ ජාතික රෝහලේදී පැය 7ක ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.