පුතාවත් තුරුළු කරගෙන, පුෂ්පිකා කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුෂ්පිකා ද සිල්වා... නම කියූ සැනින් ඔබ දන්නවා ඇය ගැන. සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට නම් ඇයව නිතර දකින්න ලැබෙනවා. ඒ ඇය සිය ආදරණීය පුතු එක්ක ඇවිදින්න යන තැන් ගැන වගේම සතුටින් ගෙවෙන මොහොතවල් ගැන මතක සටහන් සමාජ මාධ්‍යයට එකතු කරන නිසාවෙන්. ඔන්න ඉතින් ඒ විදියෙ තවත් සොඳුරු සටහනක් මේ විදියට අපිට දකින්න ලැබුණා.

"සුනාමි දළ රළ පහරටවත් අතුරුදහන් කරන්නට නොහැකි තරම් හාස්කම් සහිත වූ දිව්‍යමය මාතාවගේ සහ පුත්‍රයාගේ අමරණීය බැඳීම පෙන්වන මේ සුරුවම මාතර අප ස්වාමිදුවගේ දේවස්ථානයේ තමයි තිබෙන්නේ. මගේ පුංචි පුතුකි ඉපදෙන්නටත් කලින් ඉඳන්, හැම අවුරුද්දකටම එක වතාවක් හරි, මෙතැනට මම යනවා. පුතුකි ඉපදුනාට පස්සේ, මම එයාව මගෙ අත් දෙකෙන් වඩාගෙන මෙතන ෆොටෝ අරගෙන තියෙනවා.

කාලය ගත වෙලා, අද මෙතන ඉන්නකොට, මගේ පුතුකි කොච්චර ඉක්මනින් ලොකු වෙලා ද කියලා මට හිතෙනවා. මේ ලෝකයේ කිසිම කෙනෙකුට බිඳින්නට නොහැකි අපූරුම බැඳීම තමයි "..මවක් සහ පුතකු.." අතර ඇති බැඳීම. ඒ ආදරය හරිම ශක්තිමත්. දේව මෑණියන්ගේ ආශිර්වාදය ලැබිලා, මගේ පුංචි පුතුකි ඉක්මනින්ම රටට දැයට වැඩදායක හොඳ පුරවැසියකු වෙනවා දකින එක, මගේ ලොකුම ජීවිත ප්‍රාර්ථනාවයි.

මගේ ලොකුම බලාපොරොත්තුවයි.

- පුෂ්පිකා ද සිල්වා