පුතුගේ උපන්දිනය දා ජනප්රිය නිළි ඕෂධි කළ උතුම් කටයුත්ත
ඕෂධි හේවාමද්දුම කියන්නෙ පුංචි තිරයේ ඉතාමත් දක්ෂ ඒ වගේම අතිශය ජනප්රිය රංගන ශිල්පිනියක්. ගෙවුණු දවසක ඇගේ ආදරණීය පුතුගේ උපන්දිනය යෙදී තිබුණා. පුතුගේ උපන්දිනය සමරමින් ඉතාමත් අගනා උතුම් වැඩක් ඇය සිය පවුලේ අයත් එකතු කරගෙන සිදුකර තිබුණා. බලන්නකො මොකක්ද මේ උතුම් කටයුත්ත කියලා.
"අද දවසේදී මගේ පැටවු දෙන්නා වගේම, තවත් පැටවු ටිකකගෙ හිත් වලට සතුටක් ගේන්න මට පුළුවන් වුණා. මගේ පුතා සස්නිත ගෙ 10 වැනි උපන්දිනය වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් 10 දෙනෙක් ගෙනැවිත්. විනෝද වෙලා, කන්න දීලා, තෑගිත් දීලා එයාලාව සතුටු කරන්න මට පුළුවන් වුණා. ඉතින් මේ වැඩේදි මට සම්බන්ධීකරණයෙන් සහය දුන් Shalinda Wijesingha. සොයුරාටත් , අප්සරා සොයුරියටත්. ඒ වගේම මං කරන හැම හොද දේටම සහය දෙන මගේ සැමියාටත්, එයාගෙ පවුලෙ අයටත්, මට මේ වගේ අනිත් අයට පිහිට වෙන පුරුද්ද ඇති කරපු මගේ දෙමව්පියන්ටත් ගොඩාක් ස්තුති වගේම ගොඩාක් පිං.