පතිකුලයට ගිය අනුෂාගේ ආදරණීය මව කියන කතාව
මීට සති කිහිපයකට පමණ පෙර විවාහ දිවියට ඇතුළත් වුණ අනුෂා දමයන්ති ගෙ විවාහ මංගල උත්සවය පිළිබඳව තවමත් මුළු රටම කතාවෙමින් පවතිනවා. පසුගිය දිනකදී අනුසාගේ ආදරණීය මව තම එකම ආදරණීය දියණිය විවාහ වෙලා නිවසෙන් පිටව යෑම පිළිබඳව ඉතාමත් සංවේදී වෙමින් මාධ්‍යවෙත අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.
”මගේ දුව විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සේ දවස් තුනක් විතර ගෙදර දැනුනෙ හරිම හිස්කමක්. මම කරන්නේ මොනවද කියලා කිසිම දෙයක් මට හිතා ගන්න බැරි වුනා. ඒ දවස් තුනේ සිදුවුණු දේවල් ඉබේ වුණා වගේ මම හිතලා දෙයක් කළේ නැහැ.විවාහ උත්සවයට ඇවිත් හිටපු අපේ නෑදෑයෝ අපෙ ගෙදර ඉදලා ගෙවල් වලට යන්න යනකොට මට යන්නම් කියන්න එනව නේ එතකොට එයාලට සමුදෙනවා වත් මට දැනුණේ නැහැ. ඇත්තටම මට ලොකු දුකක් තමයි තිබුණේ.”
ඒ වගේම අනූෂාත් අම්මා ගැන අදහස් දක්වා සිටියා.
”මගේ අම්මා ගොඩක් සංවේදී කෙනෙක්. අම්මව දාලා යනවා කියන එක එයාට කරගන්නත් බැහැ මට කරගන්නත් බැහැ. මට ගියත් ගෙදර එන්නමයි හිත මම නිකං වෙන ලෝකෙකට ගිහිල්ලා වගේ. එතකොට මගේ සැමියා තමයි කියන්නේ ඔයා වැඩිය ඕවා ගැන හිතන්න එපා කියලා. මම ඉතින් නිතර කියවනවා. මම ගෙදර ඉන්නකොට නිදාගත්තේ අම්මා එක්ක. එහෙම අම්මා එක්ක නිදාගෙන ඉන්නකොට මම එයාට වද දෙනවා. තම මම එයාට අත් වලට කකුල්වලට මසාජ් එකක් දෙනවා. ඉතින් ඒක මට දැන් මගහැරිලා කියලා මතක් වෙනකොට මට හිතෙනවා අනේ මම බැදලද ඉන්නේ කියලා.”