පුංචි දරුවෝ ටිකකුත් එකතු කරගෙන, වෙනස් ම විදිහට සැමරූ ලෝචිගේ උපන්දින සාදය
ලෝචනා ඉමාෂි කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. විවාහයෙන් අනතුරුව විදෙස්ගත වෙන ඇය බොහෝ කලක් වාසය කළේ නෙදර්ලන්තයේ. කොවිඩ් නිසාම ලංකාවේ කොටුවුණු ලෝචිට ආදරෙත් අරන් පසුගිය දවසක පුංචි පුතාත් ලංකාවට ආවා. වෙසක් දිනයේ උපන්දිනය සැමරූ ලෝචනා, ඇගේ උපන්දිනය සමරන්න වෙනස්ම විධියක් තෝරගෙන තිබුණා.
කවදත් පුංචි දරුවන් සහ අසරණ පිරිස් වෙත කරුණාව දක්වන ඇය මේ උපන්දින සැමරුම ගැන ආදරණීය සටහනකුත් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර ඇති අතර, එය පහතින් බලන්න.
උපන් දිනනන් ඉතින් හැම අවුරුද්දකම එනවා යනවා.හැබැයි මේ සැරේ මගේ උපන් දිනය යෙදුනේ වෙසක් පොහෝදිනයක.එදා වැල්ලවත්ත ප්‍රදේශයේ පීටසන් පටුමග ජනාවාසවල ජිවත්වන දරුවන් සමග මගේ උපන් දිනය සැමරුවා.මේ ටික සංවිධානය කරන්න උදවු කලේ Thushara Manamperi අයියා.කවදාක්වත් අමතක නොවන දවසක් ලෙස එදා දවස ගතකලේ මෙහෙමයි.මගේ අම්මා,තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනා සහා මගේ යහලුවන් එදා දවස ලස්සන කරන්න ගොඩක් උදවු කලා.ඒ හැමෝටම ගොඩක් පිං.ලස්සන රසම රස කේක් එකක් හදලා මේ වැඩේ තවත් ලස්සන කරපු Vijitha Kumara ඔයාට ස්තූතියි.එදා දවස මතක හිටින්න මෙහෙම ලස්සනට ජායාරූප අරගෙන මගේ හැම වඩකටම උදව් කරපු Sameera Perera අයියටත් ගොඩක් පිං.