පුංචි කුමරිය එක්ක සමරන පළමු පියවරුන්ගේ දිනය - සාරංග පියවරුන්ගේ දවසේ කියූ දේ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන යුවලක් විදිහට සාරංග - දිනක්ෂි යුවල ජනප්‍රියයි. ගායන ශිල්පී නාරද දිසාසේකරගේ සහ ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහගේ පුතා වන සාරංගත් සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වෙන දිනක්ෂිත් විවාහ වුණේ 2020 වසරේදී. පසුගිය වසරේදී ඔවුන්ගේ කැදැල්ලට පුංචි සිඟිත්තියක් පැමිණියා.

සාරංග දිනක්ෂි දෙපළගේ දියණියගේ නම සාරන්‍යා දිසාසේකර. ඇය තවමත් මාස ගණනක කුඩා බිළිඳියක්. අද ලෝක පියවරුන්ගේ දිනය. මේ සාරංග ඔහුගේ පළමු පියවරුන්ගේ දිනය සමරන වසර. පළමු පියවරුන්ගේ දිනයට දිනක්ෂි සාරංග වෙනුවෙන් පුංචි සංග්‍රහයක් සූදානම් කරලා තිබුණා. සාරංග දිනක්ෂි සහ පුංචි සාරන්‍යා එක්ක ඡායාරූපයක් පළ කරලා සාරංග කියලා තිබුණේ මේ ඔහු සිඟිත්තිය සමඟ සමරන පළමු පියවරුන්ගේ දිනය බවයි.