නෙහාරාගේ ලොකු දූ මෙයිලි නංගි බබා එක්ක උපන්දිනය සමරපු හැටි
නෙහාරා පීරිස් කළා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වෙනවා. මුළු රටේම ආදරය දිනාගත් ඇය ඉතාමත් නිහතමානී චරිතයක්. අපේ රටේ ජනප්රිය කලාකරුවෙක් වන මේනක රාජපක්ෂ සමග විවාහ වන ඇය ඉතාමත් ආදර්ශමත් විවාහ ජිවිතයක් ගත කරනු ලබනවා. මෙයාලගේ පුංචි කැදැල්ලේ සුරංගනාවී ඒ තමයි මෙයිලි. එයා දෙවැනි උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. දැන් මෙයිලිට නංගි බබෙක් ඉන්නවා. එයා තමයි නෝරි. ඉතින් නංගි බබා එක්ක මෙවර ගොඩක් සතුටින් මෙයිලි උපන්දිනය සමරා තිබුනා.