නිල්මිණි තෙන්නකෝන්ගෙන් දරුණු හෙළිදරව්වක්
පුංචි තිරයේ සුන්දර නිළි නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. කාගෙත් ආදරය දිනාගත්ත ඇයගේ ආදරණීය දියණිය ස්වේතා ගැනත් නිල්මිණි ගොඩක් වෙලාවට විවෘතව අදහස් දක්වනවා. ඒ වගේම ඇය දියණියට අප්රමාණව ආදරේ දෙන කෙනෙක්. මේ තියෙන්නෙ ඇය මෑතක වැඩසහටනකට එක්වෙමින් නව පරම්පරාවේ භයානකම ගැනත්, දෙමව්පියන්ගේ නොසැළකිල්ල ගැනත් කියපු කතාවක්.
"මම දකිනවා නුගේගොඩ අතුරු පාරක් තියනවා මම ට්රැෆික් වෙලාවට යන්නෙ ඒ පාරේ. දකින දේවල් දැක්කම මට ගහන්න හිතෙනව ගිහින්... දෙමව්පියෝ හිතන්නෙ මේගොල්ලෝ ටියුශන් කියලා. මට එක සැරයක් බලන් ඉන්න බැරිම තැන මම බැස්සා වාහනෙන්. ඒ බෝයි මට ගහන්නත් ආවා.. මම කිව්වා මම 119ට කතා කරනව කියලා. ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් හිටිය විදිහ කියන බෑ මීඩියා එකෙන්. මම බොරුවට කිව්වා කාර් එකේ ඉඳන් මම ෆොටෝ එකක් ගත්තා. ආයෙ දැක්කොත් පොලිසියට දෙනවා කිව්වා. මම එහෙම කළේ, ඒක මගේ පපුවට දැනිච්ච නිසා..."
"මම අදටත් ගෙදර කවුරු හිටියත් තුන්පාරක් දොර බලනවා. අම්මා අහනවා මානසික ලෙඩක්ද කියලා. සමහරක් අම්මලා ෆෝන් එකේ දුවට වෙන දේ අම්මා දන්නෙත් නෑ. හැම වෙලේම දරුවෝ ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන.."