නිල්මිණි තෙන්නකෝන්ගේ වේදනාබර මතකයන් ගැන හෙළිදරව් කරයි
ටෙලි තිරයෙන් ඔබ හමුවුණු නිල්මිණි තෙන්නකෝන්, අදටත් කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක්. ඇගේ පුංචි දියණිය නමින් ස්වේතා. ජීවිතේ අනේක දුක් විඳ දියිණිය දැඩි කළ නිල්මිණි දිරිය කාන්තාවක් විදිහටත් බොහෝ දෙනාගේ පැසසුම් ලබනවා. මේ ඇය කියූ ඇගේ කතාවෙන් බිඳක්.
"දියණියක් විතරක් නෙවෙයි පුතෙක්වත් ලේසි නෑ අම්මා කෙනෙකුට තනියම බලාගන්න. මම 2003 මාර්තු මාසේ 9 වැනිදා පාන්දර හතරේ ඉඳලා අද වෙනකන් මේ මොහොත වෙනකන් මම විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. පාන්දර 4ට මම ආවේ මගේ දියණියවත් අරගෙන, අම්මා ළඟට. බබාගේ කිරි බෝතලෙයි, නැපි දෙකක් අරන් ආවා, එච්චරයි. පොඩි ළමෙක් එයා එතකොට. අවුරුද්දයි දවස් තුනයි. එහෙම ජීවිතේ අපි ආවට පස්සෙ වගකීම කියන එක... ඒක අහනකොටත් පපුව රිදෙනවා. ඒක පුදුමාකාර අභියෝගයක්. එකක් රස්සාව. දරුවා බලාගන්න වෙන එක. මට ඩ්‍රැයිවිනුත් බෑ. ගෙයක් හදලා හැමදේම කරලා මෙහෙම වෙනකොට ප්‍රශ්න ගොඩක් එනවා. මගේ අම්මමත් තරුණ කාලෙම තාත්තා නැතිවුණා. ඒත් අම්මා අපිව හැදුවනේ. මට ඒ අත්දැකීම තිබ්බ හොඳටම. මම ඒ අභියෝගයකට මුහුණ දුන්නා. ගොඩක් ඇඬුවා. දැන් නම් මට ඇඬෙන් නෑ. දියණිය දවසින් දවස වැඩෙනවා මම දකිනවා. ෂූටිං ගියෙත් උස්සගෙන. පාන්දරට මේක්අප් දාන්න ඔ්නි. ඔහොම ආපු ගමන හිතාගන්න බෑ ආපහු හැරිලා බලනකොට. හැබැයි... මම හැමතැනකම මේ දුක, කම්පනය මම දුවට පෙන්නලා නෑ. මම දැනටත් සෙටප් එක දාලා එයාට පේන්න ඩාන්ස් කරනවා. මම විහිලු කරනවා. ඒ නිසාම දුවට මා එක්ක මේ ගමන එන්න ලේසි නෑ. ලොකුම අභියෝගය දරුවා තනියම තියලා යන එක. අදටත් තියලා නෑ. තියන්නෙත් නෑ. සමාජෙ හරි බයයි. නමුත් මට ඉන්නෙ රත්තරන් දුවෙක්. කවදාවත් ෆෝන් එකක්වත් ඉල්ලලා නෑ. මගේ ෆෝන් එක ගත්තත් 'අම්මි මම මේක ගන්නද' කියලයි අහන්නෙ..."