නිල්මිණී තෙන්නකෝන් කලාව ගැන කියන අමුතු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් හැටියට නිල්මිණී තෙන්නකෝන්ව හඳුන්වන්න පුළුවන්. කලාකාරිනියක් සේම ඇය හොඳ මවක් ලෙසත් කාගේත් ආදරය දිනාගත් තැනැත්තියක්. කලාවෙන් හමුවුණු ඇතැම් චරිත නිසා ඇගේ පෞද්ගලික ජීවිතයේද යම් යම් හැලහැප්පීම් ඇති වුණා. 

මේ සියලුම දේවල් එකට කැටිකර කලාව නිසා තමන්ට ලැබුණු දේවල් ගැන සටහනක් නිල්මිණී අද ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහන...

"මා කලාකාරියක් වීම ගැන ගොඩක් සතුටුවෙනවා. අභියෝගවලට මුහුණ දෙන්න පුරුදු වුණා. ජීවිතේ හැම කෙනෙකුම තමන් තෝරාගන්නා වෘත්තිය තේරුම් අරගෙන වැඩ කරන්න ඕන. එයට ගෞරවයක් ලබා දෙන්න ඕන. ලේසියෙන් මුදල් හොයන්න යන්න එපා. තමන්ගේ හැකියාවට වටිනාකමක් හදාගන්න එතකොට මුළු මහත් සමාජයක්ම ආදරෙන් පිළිගනීවි"