නර්මදා යාපා පුංචි පුතාට ලියපු ආදරණීය සටහන
රූ රැජිණ තරගාවලියකින් කිරුළු පළඳා ක්ෂේත්‍රයට පැමිණ නිරූපණ ක්ෂේත්‍රයෙන්, රංගනයෙන් වගේම නිවේදනයෙන්ද දක්ෂතා දක්වන තාරකාවක් හැටියට නර්මදා යාපා අබේවර්ධනව හඳුන්වන්න පුළුවන්. නර්මදා පුංචි පුතාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ බාල පුතු නෝවා ඊයේ පළමු වරට පෙර පාසල් ගිහින් තිබුනා. ඔහුගේ සේයාරූ කීපයක් පළ කරමින් නර්මදා තම පුතුට ආදරණීය සටහනක් පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.
"මම කොතනින් පටන් ගන්නද.... මගේ පුංචි පුතා NOAH
ඉස්කෝලේ ගිය පළවෙනි දවස... ඔයා තුළ ගොඩක් ශක්තියක් තියෙනවා. මගේ නෝවා ඔයා දේවල් තවත් දීප්තිමත් කරනවා, සුභ පැතුම් මගේ පුතා !!