නිර්මාණ මෙගාද නැද්ද කියන එක මට වැදගත් නැහැ
නාඩගම්කාරයෝ, බයෝ ඇතුළු මෑතකදී විකාශ වූ ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු කසුනි කාවින්දි මෙවර සාරවිට තරු කතාබහට අප සම්බන්ධ කරගත්තා. ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට කිහිපයකද දකින්නට ලැබෙන කසුනිගේ අලුත්ම තොරතුරු අප මෙසේ විමසුවා.
මෑත කාලයේ අපි ටෙලි නිර්මාණවල කසුනිව දුටුවේ නැහැ
ඔව්, ධනුෂ්ක අයියාගේ බයෝ තුන්වැනි අදියරයෙන් පස්සේ මාව ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයෝ දුටුවේ නැහැ. නමුත්, මම දායක වුණ කෙටි චිත්‍රපට වගේම ගීත රූප රචනා කිහිපයක් පසුගිය දිනවල නිකුත් වුණා. ඊට අමතරව පසුගිය කාලේ දායක වුණ මගේ චිත්‍රපට කිහිපයකුත් පෙළ ගැහිලා තියෙනවා ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න.
දැන් ගොඩක් වෙලාවට නිර්මාණය වෙන්නේ මෙගා නාට්‍යය නේද?
අද රටේ තියෙන විශාල ආර්ථික අර්බුදයත් එක්ක කලා නිර්මාණයක් වෙනුවෙන් නිෂ්පාදකයෝ මුදල් වියදම් කරන්නේ අඩුවෙන්. මොකද, ලාභ ලබනවට වඩා ගොඩක් නිර්මාණකරුවන් හිතන්නේ පාඩුවකින් තොරව තමන්ගේ නිර්මාණය ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න. මම හිතන්නේ ඒ හින්දා තමයි ගොඩක් දැන් මෙගා නාට්‍යය නිර්මාණය වෙන්නේ කියලා. හැබැයි ඔය අතරේ මම දකිනවා සිමීත කොටස් වලින් හැඳුණ හොඳ ගුණාත්මක ටෙලි නිර්මාණත් එක දෙක නිර්මාණය වෙනවා.
කසුනි කාලයක් මෙගා නාට්‍යයවලට සම්බන්ධ වුනේ නැහැ නේද
ඔව්, ක්ෂේත්රයට ආපු මුල් කාලයේදී මම තිරණය කරා මෙගා ටෙලි නාට්‍යය සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා යම් කාලසීමාවක් යනකම්. ඔය අතරේ තමයි මට ස්වර්ණවාහිනියේ විකාශය වුණ නාඩගම්කාරයෝ කියනා මෙගා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මෙගා නාට්‍යය සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තිරණයක හිටියත් මට ආස හිතුණා නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රසිකා කියන චරිතයට. මොකද, ඒක මට හොඳටම ගැළපෙන චරිතයක් කියලා මට දැනුණ නිසා. ඊට පස්සේ මම තිරණය කළා මගේ හැකියාවෙන් ඵලදායි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හොඳ චරිතයක් ලැබෙනවා නම් ඒක මෙගා නාට්‍යයක් වුණත් භාරගෙන මම වැඩ කරනවා කියලා.
ඒ කියන්නේ චරිතේ හොඳ නම් ඔබ ඕනෑම නිර්මාණයක් භාරගන්නවා කියන එකද?
මගේ හැකියාව ඵලදායි විදිහට යොදවන්න පුළුවන් එතකොට මගේ හැකියාව තව දියුණු කරගන්න ප්‍රයෝජනයක් වෙන සහ මට දෙයක් ඉගෙන ගන්න ලැබෙන ඕනෑම නිර්මාණයකට මම දායක වෙනවා. ඒ හින්දා මම තව දුරටත් දිගු නාට්‍යයක්ද එහෙමත් නැත්නම් සීමිත කොටස් සහිත ටෙලි නාට්‍යයක්ද කියලා හොයන්නේ නැතුව කරන්න තියෙන නිර්මාණය ඇතුලේ මට ලැබෙන චරිතේ හොඳ නම් මම ඒක භාරගෙන වැඩ කරනවා. මොකද, මට වැදගත් වෙන්නේ ඒ කරන නිර්මාණයේ ඇතුළේ අපි ඉදිරිපත් කරන රංගනයට උපරිමය දෙන්න විතරයි.
බුද්ධික සේනාධීර