නිරූපණ ක්ෂේත්‍රයේ ආයිමත් කෙහෙවලු පැටලිල්ලක් - ත්‍රිකලා ධරණිට චූලාගෙන් සැර කතාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රෝස පැහැ ගැන්වූ රේන්ජ් රෝවර් රථය නිසා, ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වූ නිරූපණ ශිල්පිනියක් තමයි, ත්‍රිකලා ධරණී. සිය සුදුසුකම් හා හැකියාවන් පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරන ඇය විසින් ගුරුහරුකම් ලබාගත් නව නිරූපිකාවන් පෙළක් කළඑළි බැසීමේ විලාසිතා සංදර්ශනයක් පසුගියදා පැවැත්වුණා. එහිදී ඇය මෙරටින් ජාත්‍යන්තරයට ගිය පළමු Super Model ඇය බවට ප්‍රකාශ කර සිටියා. ඇගේ මෙම ප්‍රකාශය සාවද්‍ය බවත් ඇයට පෙර මෙරටින් ජාත්‍යන්තරයට ගිය Super Modelලා සිටිනා බවටත් ත්‍රිකලාට දෝෂාරෝපණය කරමින් ජ්‍යෙෂ්ඨ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන චූලා පද්මේන්ද්‍ර කියා සිටියා.

චූලා ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් සහ ඡායාරූප කීපයක්ම පල කරමින් ත්‍රිකලා කියා සිටින්නේ අසත්‍ය බවත් ඇයට පෙර මෙරට ජාත්‍යන්තරය ඉදිරියේ බැබලවූ නිරූපන ශිල්පිණියන් ඕනෑ තරම් සිටින බවත් කියා සිටිනවා.

පහත දැක්වෙන්නේ ඇය පළ කල ඒ සටහන්.

"Ornella gunasekara another one of our super models at the paris fashion week 2022.and she worked at london fashion week as well.
Pls dont let so call fake lying talentless women ruin our fashion industry . We always had very talented classy set of models then and now. So i hope those cheep tv channels will start to talk about the real super models and not these fake women.
Ornella gunasekara අපේ fashion industry එකෙ අදටත් paris fashion week ,london fashion week walk කරන super model කෙනෙක්.පුළුවන්නම් කරුනකරල අර බොරු කියන එයා විතරයි International super model කියල එයා ම කියා ගන්න නංගී ව මානසික ⁣රොහලකට ගෙන යන්න .මොකද මේ වගෙ මනද මානසික මිනිස්සු නිසා තමා අපේ රටෙ වැදගත් ලමයි fashion industry එකට එන්න බය."

"ලොකයේ ඉක්මනින්ම රවට්ටන්න පුලුවන් මිනිස්සු ඉන්න රට ලංකාව. ඇත්තටම පව් අපේ මිනිස්සු"

"ගිනස් වර්තාවක්. කිසිම Fashion week එකක් නොකර super model කෙනෙක් අපේ රටේන්. ලොකයම අපේ රටට සුබ පැතුම් ඵක්කරයි. නංගි ඔයාගේ ඛොරු කියන ඩිගිූයත් international ද?"