නිරංජනී ශන්මුගරාජා මෙතෙක් නොකී සංවේදී කතාව
නිරංජනී ශන්මුගරාජා කියන්නෙ මෙරට සිනමාවේ විශිෂ්ට නිර්මාණ කිහිපයකම පෙනී සිටි සම්මානනීය රංගන ශිල්පිනියක්. "සුනාමි" වැනි චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත බොහෝ පිරිසකගේ කතාබහට ලක්වුණා. නිරංජනීගේ සිනමා පට ගැන නම් නෙවෙයි මේ කතාව. මේ ඇය කාටවත් නොකියපු ඇගේ සංවේදී කතාව යි.
"මගේ තාත්තා නැහැ. ඒ කියන්නෙ මම අම්මගේ බඩේ ඉන්නකොට තාත්තා මාව දාලා ගියා. අපිට පිහිට වුණේ පුංචියි, බාප්පයි. එයාලා නැත්තම් අපි මෙහෙම නෑ. තාත්තා ඇත්තටම නැති උනේ 2008 අවුරුද්දෙ. නැතිවෙලත් අන්තිම මොහොතේ දකින්න ලැබුණේ නැහැ. අපේ චාරිත්‍ර තියනවනෙ. පුච්චනවනේ.. ඒවා ඔක්කොම ඉවර උනාම තමයි අපිට ආරංචිය ලැබුණේ..."
"කවදාවත් තාත්තා නැති අඩුව දැනිලා නෑ. ඒකත් එක වාසනාවක්.. ෆොටෝ වලින් විතරයි දැක්කෙ. අවුරුදු හයෙදි වගේ ගෙදර ආවා මතකයි.. රූපේ මතක නෑ. එයාගේ ලෙදර් බෑග් එක මතකයි.. ඒත් මම ගියේ නෑ එයාගේ ළඟට. කර්ටන් එක අස්සෙ ඉඳන් බලුවා. බලන්න හිතුණේ නෑ.."
"මම දඟයි චූටි කාලේ. අක්කා නම් එහෙම නෑ. අක්කා දඟ පොඩ්ඩක්වත් නෑ. ඉස්සර හැමදාම කොල්ලෙක්ට ගහනවා ඉස්කෝලේ කාලේ. එක්කෙනෙක් හොස්පිට්ල් පවා නැවත්තුවා. මම ඉතින් චණ්ඩියා වගේම දක්ෂයා.."
"ෆිල්ම් එකක රඟපාන්න අවසර ඉල්ලුවම අම්මා මන්නයක් අරන් පැන්නුවා, කකුල් දෙක කපනව කිව්වා රඟපාන්න ගියොත්. මේක විතරයි මීට පස්සෙ නෑ කියලා අම්මා ප්‍රොමිස් ගත්තා. හැබයි අද වෙනකොට ෆිල්ම් අටක් ඉවරයි.. පළවෙනි ෆිල්ම් එක බලන්නත් අම්මා ආවා.. 'මොකද්ද මේ රඟපාලා තියෙන්නෙ. ඔයාගේ කැත' කිව්වා. මොකද අම්මට හුරු අර දකුණු ඉන්දියානු සිනමාවනේ.."