නිමන්තිගේ සැමියා Ceylon international film festival හි හොඳම අධ්යක්ෂවරයා වෙයි
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පසුගිය දා නිමා වුණු පළමු Ceylon international film festival සිනමා සම්මාන උළෙලේ හොඳම කැමරා අධ්යක්ෂවරයාට හිමි සම්මානය ජනප්‍රිය රංගන ශිල්පිනී නිමන්ති පෝරගේගේ ආදරණීය සැමියා ප්‍රභාත් රෝෂන් විසින් දිනාගෙන තිබෙනවා. ඒ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ ඝරසර්ප චිත්‍රපටය වෙනුවෙන්. නිමන්තිගේ ඥාති පුතෙකු වන නවක රංගන ශිල්පී දෙව්නක පෝරගේද මෙම සිනමා සම්මාන උළෙලේ නැගී එන නළුවා සඳහා නිර්දේශ වී තිබුණා.
මෙම සිනමා සම්මාන උළෙලේ ජූරි සභාව ලෙස ඇමරිකාව, ප්‍රංශය, චීනය සහ කැනඩාවේ සිනමාකරුවන් පිරිසක් නියෝජනය කර තිබෙනවා.