නේපාල යන ’රජා මං වහලා’ නාට්‍යයට ගුවන් ටිකට් පත් සඳහා දායකත්වය දැක්වීම සංස්කෘතික අමාත්‍යාංශය ප්‍රතික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාට්‍යවේදී චාමික හත්ලහවත්තගේ නාට්‍ය නිර්මාණයක් වන 'රජා මං වහලා' නාට්‍ය '2022 නේපාල අන්තර්ජාතික නාට්‍ය උළෙල' සඳහා තෝරාගෙන තිබේ. 'රජා මං වහලා' නාට්‍ය කණ්ඩායම මේ සඳහා ගුවන් ටිකට් පත් ලබාගැනීම වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් යම් දායකත්වයක් ඉල්ලා තිබිණි. කෙසේනමුත් එවැනි දායකත්වයක් ලබාදීමට නොහැකි බව සංස්කෘතික අමාත්‍යාංශය ලිපියක් මගින් නාට්‍යවේදී චාමික හත්ලහවත්ත මහතා වෙත දන්වා තිබේ. 

'රජා මං වහලා' නාට්‍ය 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන 10ක් සහ 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙස සම්මාන දිනූ නාට්‍යකි.