’’නින්ද යන්නේ නැහැ. හරිම මහන්සියි.’’ රයිනි චාරුකා මහ රෑ ඇහැරගෙන මොකක්ද මේ කරන්නේ?
තරු පවුලකින් කලා ක්ෂේත්රයට ඇවිත් මාපියන්ගේ රුකුලෙන් නොව තමාගේම මහන්සියෙන් අනන්‍යතාවක් ගායන ක්ෂේත්රයේ ගොඩනඟාගන්නට කැප වුණු ගායන ශිල්පිනියක් රයිනි චාරුකා ගුණතිලක කියන්නේ.
ගායන ශිල්පිනියක් ලෙස මධුර ගීත රැසක් වගේම සුවිසල් ප්‍රේක්ෂකාගාරයක් ඇය සතුයි.
රයිනි තමන්ගේ සමාජ මාධ්යජාලාත් නිරන්තරයෙන් යාවත්කාලීන කරන ගායන ශිල්පිනියක්. රයිනි ඉඳලා හිටලා සමාජ ජාලා තුළින් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට කතා කරන්න අමතක නොකරන කෙනෙක්.
පෙරේදා (18) පාන්දර රයිනි ෆේස්බුක් සටහනක් තියලා ප්රේක්ෂකයන්ගෙන් මෙහෙම ඇහුවා.
"Cant sleep. Too tired. මේ වෙලාවේ කවුද තව ඇහැරගෙන ඉන්නේ ?"
ඇගේ මේ සටහනට ඇගේ ප්රේක්ෂකයන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබුණා. කෙසේ වෙතත් රයිනිට තේරෙන්න ඇති මහ රෑට ඔක්කොම නිදි නැතිව ඇහැරගෙන ඉන්නවා කියලා...