නාධ්‍යා Live in Concert 29 දා විහාරමහාදේවියේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මොරටුව විශ්ව විදයාල විසින් සංවිධානය කරන "නාධ්‍යා"  Live in Concert එලඹෙන ජුනි 29 දින සවස 6.00‌ට විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරටුව විශ්ව විද්‍යාලයේ රොටරැක්ට් සමාජය විසින් මෙහෙයවනු ලබන "Hand in Hand" වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය වන මෙම ප්‍රසංගයේ අරමුණ වන්නේ ළමා පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අරමුදල් රැස් කිරීම වන අතර මහරගම අපේක්ෂා රෝහල සමග එක්ව ඔවුන් අදාල රෝගී දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවිතයට අර්ථවත් බලපෑමක් ඇති කිරීම අරමුණ බවයි එහි සංවිධායකයන් පවසන්නේ.

ප්‍රසංගය සම්බන්ධව වැඩි විස්තර සඳහා 0712583871 සහ 0765411386 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවයි ඔවුන් පවසන්නේ.