නතාශා පෙරේරා අවසානයේ බුකියේ කතාවලට පිළිතුරු දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නතාශා පෙරේරා කියන්නෙ ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්. කාලයෙක් කාලයට ඇය ගැන විවිධ දේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. මේ තියෙන්නෙ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින් දැක්වූ අදහස් කිහිපයක්.

"ඒ වගේ කතාවලට දක්වන්න තියෙන හොඳම ප්‍රතිචාරය, කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සිටීම. තව කෙනෙක් මගේ හිත රිද්දුවොත් ඔහුට හෝ ඇයට ප්‍රතිචාරය දීමෙන් කරන්නෙ ඔහුට හෝ ඇයට අනිසි බලපෑමක් කරන එක. ඒ කියන්නෙ එයාට පවර් එකක් දෙනවා මාව රිද්දන්න. මම උස නෑ කියන්න පුලුවන්, මම හමේ වර්ණය ගැන වෙන්න පුළුවන්.. මහතයි කියනවා. හැම එක්කෙනෙක්ටම ඒවා පොදුවේ තියෙන ඒවා. ඇවිස්සෙන්න ඕනේ නෑ. අවුලන්න බලයි. කියපු හැමදේටම ඇවිලිඇවිලි හිටිය නම් ඉතින් ගමනක් යන්න හම්බෙන් නෑ.."