දසුන් පතිරණගේ තාත්තා ගැන බිරිඳ ලියූ අපූරු සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ තරුණ රංගන ශිල්පීන් අතර හොඳම නළුවා ලෙස වැඩියෙන්ම සම්මානනීය රංගන ශිල්පියා වන්නේ දසුන් පතිරණ. ඔහුව ක්ෂේත්‍රයේ හැමෝම හඳුන්වන්නේ "දස්සා" නමින්. දසුන් දැන් විවාහ වී පුංචි දියණියන් දෙදෙනෙක්ගේ පියෙක් කියලා හැමෝම දන්නවා.

රංගන කටයුතු එක්ක කාර්‍යබහුල වෙන නිසා නිතරම දියණියන් දෙදෙනා එක්ක කාලය ගත කරන්න දසුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් දසුන්ගේ පියා දසුන් නැති ඒ අඩුව මේ පුංචි දියණියන්ට පුරවනවා. දසුන්ගේ බිරිඳ හංසි දිසානායක තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ වැඩිමහල් දියණිය ශයියා ලිලී එක්ක දසුන්ගේ තාත්තා ඉන්න ඡායාරූපයක් පළ කරමින් අපූරු සටහනක් පසුගියදා ලියලා තිබුණා.

එය පහත දැක්වෙනවා.

"හැම ගෙදරකම සීයලා බබාල මෙහෙම වෙන්න ඇති.. ඒ වුනත් හැබැයි මේ සීයයි බබයි නම් අති විශේශයි...... මගේ අප්පච්චි නැති නිසා බබාලට ඉන්න එකම සීයා මේ.. දසුන්ගෙ තාත්තා... ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන හුරතල් වෙනවයි.. පාර දිගේ බයිසිකල් පද්දනවයි... උදේ පාන්දර දත් මද්දලා කිරිවල පොගවලා පාන් කවනවයි... රණ්ඩු කරනවයි.... මාර දේවල් ගොඩක් තියෙනව එයාලට කරන්න.... මේත් ඉතිං ඉන්නෙ ෂයියාගෙ පණ්ඩිත කතාවක් අහගෙන තමා...

මේ තාත්තා අති විශේෂයි...

හැමෝටම හොද මාමණ්ඩිලා ඇති හැබැයි ලෝකෙ හොඳම මාමණ්ඩි ඉන්නෙ නම් මටයි අනුරාධ මල්ලිටයි විතරයි..... ආය ඉතිං අතිවිශේෂ තමා.."