දොස්තර නෝනා කෙනෙක් වෙන්න හීන දැක්ක ත්‍රිකලාගේ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පොඩි කාලෙ ඉදන් අපි දකින එක එක හීන තියෙනවා. හැබැයි එහෙම දකින හීන ඒ විදියටම හැබෑවක් වෙන්නෙ කීයෙන් කී දෙනාගෙද. ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ත්‍රිකලා ධරණි මේ කියන කතාවත් එහෙම එකක්.

"මට පොඩි කාලේ ඉදන් තිබුන ලොකුම හිනයක් දොස්තරවරියක් වෙලා බෙහෙත් දෙන එක උසස් පෙළ ජීව විද්‍යාව තෝරගත්තෙත් ඒනිසා හොදම සාමාර්ථ තිබුණත් මෙඩිසින් යන්න මට බැරි වෙනවා. එදා මගෙ ජීවිතේ බිංදුවටම වැටෙනවා හැබැයි එතන තමයි මගෙ ජීවිතේ හැරවුම් ලක්ශය අද මම දොස්තරවරු ගනණාවකට නිරූපණය උගන්වන ගුරුවරියක් වෙලා තියනවා...

ඒ වගේම බෙහෙත් පෙති නොදුන්නට විවිධ රෝගාබාධ ප්‍රශ්න මානසික ගැටලු තියන දරුවන්ව නිරූපණයෙන් සුවපත් කරනවා මං ආසම දැන් ඉන්න මට එදා මහා කරුමයක් වගේ දැනුනට මෙඩිසින් යන්න බැරි වුන එක ,අද ඒක මට ආශීර්වාදයක් වෙලා දැනෙනවා මම නම් කියන්නේ ජීවිතේ හැමෝම එක පාරක් හරි බිංදුවටම වැටෙන්න ඕනාමයි !!

~ත්‍රිකලා ධරණි ~