දෙවන වරටත් මව් පදවියට සූදානම් වෙන නෙහාරා
නෙහාරා පීරිස් කියන්නෙ දක්ශ රංගන ශිල්පිනියක්. එමන්ම ඇය දක්ශ නර්තන ශිල්පිනියක්.මුතු කිරිල්ලි ටෙලි නාට්‍ය හරහා ඉතාමත් ආකර්ශනීය රංගයක් හමුවේ ඇය ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ඉහළින්ම ආදරයක් තනා ගනිමින් අදටත් ඒ ජනප්‍රියත්වය ඒකාකාරවම පවත්වා ගන්නට සමත් වී තිබීම විශේෂත්වයක්.
නෙහාරගෙ ජීවිතයේ සුන්දරම සංධිස්ථානයක් තමයි මේනක රාජපක්ෂ සමඟ විවාහා වීම.ඒ වෙනකොට රංගන ක්ශේත්‍රයේ කඩවසම් මෙන්ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ළඟා වී තිබුණු මේනකත් ක්ශේත්‍රයේ දක්ශ රංගන ශිල්පියෙක්.මේනක නෙහාරා ආදරයේ ආරම්භයත් මුතු කිරිල්ලි ටෙලි නාට්‍යයෙන් වීම නොරහසක්.
2014 වසරේ මේ දෙදෙනාගේ විවාහයෙන් පසුව බොහෝ කාලයක් දෙදෙනාම ආදරෙන් තනිව ජීවත් වුණා.මේ ආදරණීය කැදැල්ල ආදරයෙන් උතුරා ගියේ පුංචි දියණිය මේනක නෙහාරා කැදැල්ලට එක් වීම සමඟයි.පුංචි දඟකාරිය සමඟ දෙදෙනාම ගත කරන්නේ ඉතාමත් සුන්දර ජීවිතයක්.
මේ ආදරණීය පුංචි කැදැල්ලට තවත් සාමාජිකයෙක් එක් වෙන්නට යන බව පසුගිය දා නොයෙක් නොයෙක් අය කියන්නට පටන් ගත්තා.මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්නට බොහෝ අය සිටියේ උනන්දුවෙන්.ඒ ආදරණීය පුවත ඇත්තක් බවත් නෙහාරා දෙවන වරටත් මව් පදවියට සූදානම් වන බවත් අපට දැනගන්නට ලැබුණා .ඉතිං මේ පුංචි කලා පවුලට අපි ආදරයෙන් හදවතින්ම සුබ පතන ගමන් අලුත් සාමාජිකයා දකින්නට අපිත් නොඉවසිල්ලෙන් ඉන්නවා.