දෙවැනි බිරිඳ රෙනූෂා ආයෙමත් යුගදිවියට යන දවසේ, මධුමාදව සංවේදී ව කියූ කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ලබ සවන් රන්පතින්.." "මුහුද හඬන වෙලාවේ" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ මධුමාදව අරවින්ද මුහුණු පොතෙත් කැපී පෙනෙන චරිතයක්. විශේෂයෙන් විටින් විට ඔහු පළ කරන ආන්දෝලනාත්මක සටහන් බොහෝ දෙනාගේ අවධානයට ලක්වනවා. පසුගිය දවසකත් මධුමාදව ඒ විදිහේ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා. ඒ, විවාහ දිවියට එළඹුණු ඔහුගේ දෙවැනි බිරියට සුබ පතමින්. මධුමාදව 2010 වර්ෂයේ පෙබරවාරි මස, ආදවන්තයින්ගේ දිනය දා රෙනුෂා නම් එම තරුණිය සමඟ යුග දිවියට එළඹ තිබුණා. ඇය වෘත්තියෙන් ගුරුවරියක්.

මේ තියෙන්නෙ මධුමාදව ඇයට සුබ පතමින් එක් කළ ඒ සටහනයි.

ඔව් ඇය ,,, රෙනූශා ..... මුදු පලදලා,,,
රැක ගෙන මංගල මුදුව අතේ..
දිගු කල් ජීවත් වෙන්නකෝ...
සුරංගනා කතාවල කාටවත් තනියම ඉන්න දෙන් නෑ....
එකෝමත් එක රටකින් කුමාරයෙක් හරි කුමාරියක් හරි එනවා....
රෙනූශා නුබ සුරංගනා කතාවක් අපිට.
මටත් එකෝමත් එක රටකින් සුරංගනාවියක්
වසන්ත කාලය අරන් ආවා.
ඒ සීනි බනිස්.... නැත්තම් එරන්දි...
මමත් සීනි බනිසුත් හැම දාම ඔයා ගැන කතා කරද්දි,
එරන්දි නිතරම කියුවෙ,
දවසක ඔයා ලස්සන සුරංගනා කතාවක් පටන් ගයි.... කියලා..
එයා කියන්නේ, ඔයා කුමාරියක් වගේ කියල.. පෙනුමෙන් විතරක් නෙවෙයි...
හිතන විදිහෙනුත්.
කවදාවත් හැබහින් නොදැකත්, ඔයා ගැන කතා කරද්දි
එයාගෙ ඇස් දිලිසුනා...
මම ආදරෙන් බලා හිටියා...
නෝන දිහා. ලෝකෙ කොච්චර ලස්සනද කියල තනියම හිත හිත.
ඒ එයාගෙ හිත.
රෙනූශා , ආදරනීය නංගියේ....
ඔයාගෙ හිතට කවුද ආවෙ..
ඉතිං, එකෝමත් එක රටකින්, කුමාරයෙක් ඇවිත්...නේද.?
හිත පිරිල නේද....?
අලුත් බලාපොරොත්තු ගොඩයි නේද?
තනිපොටට වඩා දෙපොට හයියයි නේද..?
පටන් ගන්න .... මේ තමයි...
වසන්ත කාලය......
අවසාන ගමනාන්තය , පිච්ච මලින් සරසන්න..
දෙන්නටම අපි හදවතින්ම සුබ පතනවා.
දවසක් තිබ්බොත් අපි හතරදෙනාටම එකට ඉද ගෙන බත් කටක් කන්න, තේ උගුරක් බොන්න ඒක එහෙම උනාවේ........
එහෙම උනේ නැතත්, පපුවෙන්ම පතනවා..
ඔය ආදරේට කිසි නපුරක් වෙන්න එපා....
කවදාවත් බඩ ගින්නක්
දැනෙන්න එපා දෙන්නටම...
අව්ව වැස්ස සුලි සුලන්
වගේම
පින්න, සුවද, මද පවන් ලගදිත්...
දෙන්නගෙ අත් දෙක හයියෙන් අල්ල ගන්න.....
ඒ තරම් හයිය නෑ....
ලෝකේ කිසි හයියක්...
චින්ගීස් අයිත් මාතවීගෙ ගුරු ගීතයේ කියන්නා වගේ....
අව්ව වැස්ස සුලි සුලං වලට පස්සෙ වසන්තය එනවා සත්තයි.......
අත් දෙකෙන්ම වැලද ගන්න...ඒ වසන්තය......
ගුරු ගීතය පුරා ඈතින් කදු මුදුනේ ඉදන්, ගම දිහා ආදරෙන් බලන් ඉන්නව පොප්ලර්ගස් දෙකක්.
අන්න ඒ පොප්ලර් ගස් දෙක වගේ, අපි දෙන්නත්... ආදරෙන් බලන් ඉන්නවා.....
ඔය දෙන්නගෙ සුරංගනා කතාව දිහා. සත්තයි.
නංගියේ, මල්ලියේ....
උබලට සුබ මංගලම්.....
කුමරියකට බෑ ලොව තනියම ඉන්න
කුමරෙක් එනවමයි හදවත පුරවන්න
සුරංගනා කතාව දැන් අරබන්න
මුලු හදවතින් අපි, සුබ පතනව ඔන්න
මදූ සහ එරන්දි සීනි බනිස.
අම්මා, තාත්ත ,මංජු අයියා, ඇතුලු බුකියෙ අපේ උන්.