දිල්කිගේ සැමියා ඇය වෙනුවෙන් එක්කළ ආදරණීය සටහන මෙන්න
උරේශා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ගායන ශිල්පිනියක්. ඇගේ ගීතයට වශී වුණ මොනතරම් දෙනා හිටියත් ඇගේ හිත සොරාගන්න පුළුවන් වුණේ, නඳුන්ට විතරයි. ඉතින් මීට කාලෙකට කලින් පටන් ගත්ත ආදර කතාව ඇතුලේ ඒ දෙන්නා ඒ දෙන්නාගෙම වෙලා තනි වෙලා මේ වෙනකොට අවුරුදු දෙකක් වෙනවාලු.
කොහොම වුණත් කාලය හරිම ඉක්මනට ගිහින් කියලා තමයි දිල්කි වගේම නඳුන් නම්, කියන්නේ. දවසින් දවස වැඩි වෙන ඒ දෙන්නාගේ ආදරය ගැන දිල්කි වෙනුවෙන් ආදරණීය සටහනක් එකතු කරන්න නඳුන් අමතක කරලා තිබුණේ නැහැ. ඔවුන්ගේ අදරයට ගැන නඳුන් එක්කළ ආදරණීය සටහන මෙන්න.
"අද අගෝස්තු 30,ඉතින් සුදු නෝන අපි දෙන්න අපි දෙන්නට ආදරේ කරන්න පටන් අරගෙන අදට වසර දෙකක් වෙනව..මටනන් අද ඊයෙ වගේ..මේ වෙනකොට අපි දෙන්න එක පව්ලක් වෙලත් ඉවරයි..ඉතින් මම ගොඩාක් සතුටින්.ජීවිතේ මොන බාදක ආවත් මම හැමදාම ඔයා එක්ක මැනික.."