Saaravita.lk|| දයානන්ද දේශප්‍රියගේ හිත ඉල්ලන ආදරේ

දයානන්ද දේශප්‍රියගේ හිත ඉල්ලන ආදරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදරණිය කලාපයේ මුල් කවරය මෙවර හැඩ කරන්නේ දයානන්ද දේශප්‍රිය විසින් ගායනා කළ හිත ඉල්ලන ආදරේ.. ගීතයේ රූප රචනාවට පෙනී සිටින අශාන් හේවාවසම් හා නුවන්සි නවෝද්‍යා දෙදෙනාය. ශ්‍රාවකයින්ගේ අවධානයක් වැඩිපුරම දිනාගත් ගීතයක් වන  හිත ඉල්ලන ආදරේ.. ගීතයට සුවිශේෂි වූ ගීත රුප රචනාවක්ද නිර්මාණය කර තිබෙන අතර, ඒ ලයිෆ් ලයින් ප්‍රඩක්ෂන් ආයතනය හරහාය.

අප අතරින් වියෝවූ ප්‍රකට ගී පද රචකයෙකු වු ශාන්ත දේශබන්දු මෙහි පද රචනාව සිදු කොට ඇත. එමෙන්ම ගී තනුව හා සංගීතය නිර්මාණය කර ඇත්තේ අනුර විජේසිංහ අතිනි. හිත ඉල්ලන ආදරේ.. ගීතයේ රූප රචනාව ඇත්තේ ලයිෆ් ලයින් ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් ප්‍රසාද් හිරන්ත විසින් නිර්මාණය කොට ඇත.

හිත ඉල්ලන ආදරේ.. ගීතය ගැන ගීත රූප රචනා නිර්මාපක ප්‍රසාද් හිරන්ත එසේ සිය හඬ අවදි කරමින් අපට පැවසුවා.

හිත ඉල්ලන ආදරේ.. ගීත රූප රචනාවේ අශාන් හේවාවසම්, නුවන්සි නවෝද්‍යා, අමන්දි සංජිවනි, ප්‍රසාද් හිරන්ත වගේම ගීත රූපරචනාවේ ආලෝකකරණ ශිල්පියා ලෙස කටයුතු කළ ශෂිකද මෙහි රංගනයෙන් දායක වී ඇත. එමෙන්ම මෙහි කැමරාකරණයෙන් සහය වී ඇත්තේ අසේල එදිරිසිංහය.

මේ ගීතය නිර්මාණය කරලා ටික කාලයක් වෙනවා. ගීතය ලියපු ශාන්ත දේශබන්දුගේ වියෝවත් එක්ක මේ වැඩේ ටිකක් කල් ගියා. නමුත්, මට ප්‍රසාද් මල්ලිව මුණ ගැහුණාට පස්සේ මම ඔහුට මෙහි ගීත රුප රචනාව ගැන කිව්වා. කාලයේ හැටියට ලොකු වියදමක් දරන්නත් අමාරු නිසා ප්‍රසාද් මල්ලිට කිව්වා අතේ ඇති ගාණට හිතට හරියන විදිහට රූප රචනාවක් කරලා දෙන්න කියලා. ප්‍රසාද් මල්ලි එක්ක මම කිහිප වතාවක් වැඩ කරලා තියෙන නිසා ඔහු මගේ ඉල්ලීමට එකඟ වුණා. ඔය විදිහට තමයි හිත ඉල්ලන ආදරේ.. රූප රචනාව නිර්මාණය වුණේ.

හිත ඉල්ලන ආදරේ.. ගීතය ගැන ගායන ශිල්පි දයානන්ද දේශප්‍රිය එසේ අපට පැවසුවා. එමෙන්ම ඔහු අවසානයේ මෙම කාර්යයට සහය දුන් සැමවත්, වියෝවූ ගීත රචක ශාන්ත දේශබන්දු මහතාටත් විශේෂ ස්තුතිය පිරිනැමුවා. 



More In Hot Story