දෙමාපියන් වෙනුවෙන් තැබූ, ජනප්‍රිය නිළි ඕෂධීගේ ආදරේ පිරුණු සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය හරිම ආකර්ෂණීය රුවක් ඇති තරුවක්. රුව වගේම තමයි දක්ෂතාවය සහ ජනප්‍රියත්වය අතින්ද ඈ සිටින්නේ ඉදිරියෙන්. අපි මේ කියන්නේ ඕෂධී හේවාමද්දුම ගැන. නම කියූ සැනින්ම ඔබට ඈව මතක් වෙන බව අපිට විශ්වාසයි. ඇයගේ මුහුණු පොතේ හරි අපූරු සටහනක් තබා තිබුණා. ඒ සිය දෙමාපියන්ගේ 40 වන විවාහ සංවත්සරය වෙනුවෙන්. කියවලාම බලන්නකො මේ ආදරණීය සටහන...

"Happy 40th Wedding Anniversary Amma & Thaththa

මගේ අම්මගෙයි තාත්තගෙයි 40 වැනි විවාහ සංවත්සරය අද. රණ්ඩු- දබර, විහිළු - තහළු , වාද - විවාද මේ හැමදෙයක්ම අතරේ එයාලා අවුරුදු 40 ක් අත්දෙක අල්ලගෙන ආපු නිසා තමයි, අද මටත් හොද ජීවිතයක් ලැබිලා තියෙන්නෙ.. මොනවා වුණත් දෙන්නගෙම හුස්ම ටික යන දවස වෙනකම්ම ඔය විදියටම ඉන්න ලැබේවා !! කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි දෙන්නටම "