දිනිතිටත් ගොඩක් ආදරේ හිතුණු, සංගීත්ගේ ලෝබ හිතෙන වචන ටික
දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නෙ බුකියේ බොහෝම ජනප්‍රිය දෙන්නෙක්. මේ දෙන්නාගේ යූටියුබ් නාලිකාවටත් දැන් ගොඩක් අයගේ ප්‍රතිචාර හිමිවනවා. පසුගිය දවසක සංගීත් දිනිතිට ලස්සන වාහනයකුත් තෑගි කළා ඔබට මතක ඇති. සංගීත් ඒ ගැන මෙන්න මේ විදිහේ කතාවක් කියලා තිබුණා.
"ජීවිතේ ගොඩක් සතුටු වුණු දවසක්. සමහර වෙලාවට ජීවිතේට සතුට එන්නෙ පහුවෙලා. නිකන් නෙවෙයි ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනි. මට ඔයා ලැබුණම මං ගොඩක් සතුටු වුණා. හැබැයි ඔයාට ගිෆ්ට් එකක් දෙන්න හිතපු හැම වෙලාවෙම මම අමාරුවෙ වැටුණා. අවුඩි පදින ඔයාට මට පුලුවන් විදිහට දෙන්න පුළුවන් හොඳම තෑග්ග මේක කියලා මම හිතනවා. මට වැඩිපුරම සතුටු මේක මං ඔයාට ගත්තෙ අපි දෙන්නම මහන්සි වෙලා දියුණු කරපු ව්‍යාපාරවල ආදායමෙන්.."