දැනට නම් මම කිහිප දෙනෙක්ට ආදරය කරලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ අප දකින පසිදු විතානගේ වර්තමානයේ බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගත් යොවුන් නවක රංගන ශිල්පියෙකි. ස්වර්ණවාහිනියේ විකාශය වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ  කිරියා ලෙස රසික ආදරය දිනාගත් පසිඳුට මෙවර සාරවිට තුළින් මෙසේ අප ඉඩක් වෙන් කළා.

පසිදුගේ පළමු ආදර සම්බන්ධය මතකද?

පළමු ආදරය මට ලැබුණේ පාසල් කාලයේදී. හැබැයි මම තාම දන්නේ නැහැ ඒක ආදරයක්ද කැමැත්තක්ද කියලා. කොහොම හරි ඒ කාලේ මට ආදරය දැනිලා මම කෙනෙක්ට ආදරය කළා. ඒක හරි අමුතු අත්දැකීමක්. ඒ කාලේ ඇතිවුණ ඒ ආදරය ආදරය ආයේ කවදාවත්ම මට දැනුණේ නැහැ.

පසිදුගේ පළමු ආදරයෙන් ලැබුණ තැග්ග මතකද?

මගේ මතකයේ හැටියට මගේ මුල්ම පෙම්වතිය නම් මට තැග්ගක් දුන්නේ නැහැ. හැබැයි පාසල් කාලේ හිටපු තව පෙම්වතියක් නම් මට තැග්ගක් විදිහට පාස් පේපර් බුක් එකක් නම් දුන්නා මතකයි. 

මේ දක්වා පසිදුට ආදර සම්බන්ධතා කොපමණ තිබුණද?

මේ වෙන කොට නම් මම කිහිප දෙනෙකුට ආදරය කරලා තියෙනවා. ඒ වගේම ඒ අයගෙන් ආදරය උපරිමයෙන්ම ලැබිලත් තියෙනවා. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් තමයි මට හොඳම කෙනා ලැබුණේ ආදරය කරන්න. ඒ ආදරය තමයි මට කලා ක්ෂේත්‍රයට එන්න පාර හැදුණෙත්. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට පස්සේ නම් කිහිප දෙනෙකුගේම ආදරය ලැබුණා. හැබැයි ඒවා ආදරයට ලැබුණ ඒවාද නැත්නම් ආකර්හණයට ලැබුණ ඒවාද කියලා වෙන් කරගන්න බැරිවුණ අවස්ථාත් තිබුණා.

ඔය ආදර කතාවල අමතක නොවන මතකයන් එහෙමත් ඇති?

එහෙම අවස්ථාත් නම් ගොඩක් තියෙනවා. ඒ අතරන් එක සිදුවිමක් නම් මගේ මතකයේ අදටත් තියෙනවා. මම ආදරය කරන පෙම්වතියක් බලන්න දවසක් මම ගියා. හැබැයි ඇයව බලන්න තිබුණේ පහුවදා. නමුත්, මම වේලාසනම ගිහින් බස් නැවතුම් පොළක නිදාගත්තා. මගේ මතකයේ හැටියට පැය හතක් විතර ඒ නැවතුමේ හිටියා නිදාගෙන.

ප්‍රේමයෙන් පරාජිත වූ අවස්ථා තියෙනවාද පසිදුට?

නැහැ මම ප්‍රේමයෙන් කිසිම දවසක පරාජය වෙලා නැහැ. නමුත්, මට ඒ හැඟිම් දැනීලා තියෙනවා. මොකද, මගේ ළඟම හිටිය යාළුවෝ කිහිප දෙනෙක්ම ආදරයෙන් පරාජය වෙලා තියෙනවා. ඔවුන්ගේ අත්දැකිම් මට ලැබිලා තියෙනවා. ඔවුන් වේදනාවෙන් ඒක ගැන විදෝනවා මම දැකලා තියෙනවා. මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ දේවල්වලට මට මුහුණ දෙන්න  ලැබෙන්න එපා කියලා.  මම සෑම බැඳීමක්ම අත්හරින්න මුලින්ම හිත හදාගෙන ඉන්නේ. ඒ නිසා මට ඒ අත්දැකීම ඒ තරම් බරපතලව දැනෙයි කියලා මම විශ්වාස කරන්නැ.

අදටත් පසිදුට වැඩිපුර ආකාර්ශණය තියෙන්නේ?

එහෙම භේදයක් නැහැ. හැමෝගෙන්ම එක හා සමාන ආදරයක් ආකාර්ශනයක් මට ලැබෙනවා. මම ආදරයට ගොඩක් කෑදර කෙනෙක්. ඒ නිසා හැම වෙලාවේම මම බලන්නේ හැමෝගේම ආදරය දිනාගන්න. මොකද, මම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඒ හැම කෙනාගේම ආදරය මට අත්‍යවශ්‍ය නිසා. විශේෂයෙන්ම රසික ආදරය. අදටත් මට අඩු නැතුව ඔවුන්ගෙන් ඒ ආදරය ලැබෙනවා.

ආදරය ගැන පසිදුට දැනෙන දේ?

⁠ආදර ගැන මට දැනෙන්නේ වෙනස්ම ආකාරයක හැගීමක්. ඒ තමයි මම විශ්වාසක කරන විදියට අපි ඉපදෙන්නේ ආදරය නිසා. අපි මෙතෙක් දුර එන්නෙත් ආදරයේ යම් ප්‍රතිපලයක් නිසා. දෙමාපියන්ගේ ආදරය, සහෝදර, සහෝදරියන්ගේ ආදරය, නෑදෑ හිතවතුන්ගේ ආදරය, ගුරුවරුන්ගේ ආදරය, යාලුවන්ගේ ආදරය ලැබුණ නිසා තමයි අපී ජීවිතයේ ඉස්සරහට යන්නේ. ඒ නිසා මා මම විශ්වාස කරනවා ආදර ලැබෙන නිසා තමයි අපි ජීවත් වෙන්නේ කියලා. කාටවත් ආදරය නැතුව ජිවත් වෙන්න බැහැ. ආදරය කියන්නේ ඒ තරම් අපට අවශ්‍ය දෙයක්.