දිනක්ෂිගෙයි සාරංගගෙයි පුංචි සිගිති දියණියව බලාගන්න කෙනාට දීපු අපූරු සප්‍රයිස් බර්ත්ඩේ පාටිය
ප්‍රියසාද් පවුල කියලා කිවුවම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය පවුලේ ලොකුම දියණිය තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟ කියන්නත් හැමෝම දන්නවා. ඉතින් ඔහු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට ඔහුව මේ දිනවල පුංචි තිරය ඔස්සේ හිතුවක්කාර ටෙලි නාට්‍යයෙන් වගේම පාර වසා ඇත ටෙලිනාට්‍ය ඔස්සේද දකින්න ලැබෙනවා. ඒ වගේම හිරු ස්ටාර් රියැලිටි වැඩසටහන මෙහෙය වන්නේද ඔහුයි. ඒත් එක්කම මේ දිනවල තිරගතවන ආශාවරී සිනමා නිර්මාණයටද ඔහු රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් කළා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් සාර්ථකව සමබරව ගෙන යන අපූරු කළා ශිල්පියෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලගේ අලුත උපන් සිගිති දියණියව ආදරයෙන් ඇහැක් වගේ බලාගන්න නර්ස්ගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම සරංගගේ පවුලේ අයත් එකතු වෙලා මේ චූටි දුවව බලාගන්න කෙනාට අපූරු සප්‍රයිස් බර්ත්ඩේ පාටියක් චාම්ව ලස්සනට සංවිධානය කරලා තිබුණා. ඉතින් ඒ වගේම ඇයට උපන්දිනය වෙනුවෙන් තෑගී බෝග දෙන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් මේ දිනක්ෂිගෙයි සාරංගගෙයි සිගිති දියණියව ආදරෙන් බලාගන්න කෙනාගේ උපන්දිනය වෙනුවෙන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් කරපු අපූරු වැඩේ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.