දැන් මට ඇඳුම් තෝරන්නේ මගේ හස්බන්ඩ්
ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දුටු තනාෂා සතරසිංහ වර්තමානයේ කොයි කාගෙත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. නිතර ඇයගෙන් අහන ප්‍රශ්නවලට වඩා අප මෙවර ඇයට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඇය ඒ ප්‍රශ්නවලට දුන් ප්‍රතිචාරයි.
විලාසිතාවලට තනාෂාගේ තියෙන කැමැත්ත කොහොමද?
ඔව් විලාසිතාවලට මම ගොඩක් කැමති කෙනෙක්. මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ අද කාලෙත් එක්ක යන මට ගැළපෙන විලාසිතා කරන්න. ගොඩක් වෙලාවට මම සැහැල්ලු ඇඳුම් විලාසිතා තමයි තෝර ගන්නේ. ඒ වගේම යන තැනට මට ගැළපෙනවා කියලා හිතෙන ඇඳුම් තමයි මම ගොඩක් වෙලාවට තෝරා බේරාගෙන අඳින්නේ.
ටනාෂාට ගැළපෙනම ඇඳුම් මොනවද?
මට ගැළපෙන ඇඳුම්. ගොඩක් අය නම් කියන්නේ මට දිගට අඳින් ඇඳුම් තමා ගොඩක්ම ගැළපෙන්නේ කියලා. නමුත්, මම හිතනවා මට කොට ඩෙනිස් ශෝට් එකක් ටී ෂර්ල් එකක් ඇන්දා ලස්සනයි කියලා. ගොඩක් වෙලාවට මම අඳින ඇඳුම තෝරන්නේ මගේ සැමියා. විවාහයෙන් පස්සේ එයා තමයි මට ඇඳුම් අරන් දෙන්නෙත්. කලින් නම් මගේ අම්මා තමයි මට ඇඳුම් අරන් දෙන්නේ.
ටනාෂා සුරතල් සත්තු ඇති කරනවාද?
බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා නම් චුටි කාලේ ඉඳලා තමයි මා ගාව හැදුණේ. දැන් ටිකක් ඒ අය ලොකුයි. ඒ අය ලොකු වෙන කොටම වගේ මම තව පුස් පැටියෙක් හදන්න ගත්තා. ඒ කට්ටිය තමයි මගේ සුරතල්ලු ටික.
ටනාෂා අන්තිමට බලමු චිත්‍රපටය මතකද?
පවුලේ ඔක්කොම එකතු වෙලා අන්තිමට ලැබුවේ ශෙයිතාන් චිත්‍රපටය. අදටත් මගේ මතකයේ රැඳෙන චිත්‍රපටයක් ගැන කිව්වොත් මම කිහිප වරක් නැරඹුවා හමාරා අදුරි කහානි කියන බොලිවුඩ් චිත්‍රපටය. මගේ මතකයේ හැටියට එකේ රඟපෑවේ විද්‍යා බාලන් එක්ක එම්රාන් හෂිම්. මම චිත්‍රපටයක් නරඹලා වැඩිපුර සංවේදි වුණේ හමාරා අඳුරි කහානි චිත්‍රපටය නරඹලා කිව්වොත් හරි. ඒක අද බැලුවත් ඒ සංවේදි බව මගේ ඇඟට තදින්ම දැනෙනවා.
බුද්ධික සේනාධීර