දැන් ප්‍රශ්න දාගන්නෙ නෑ, පවුල් වෙලානේ ඉන්නෙ
සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නෙ. ඒ වගේ ම තමයි ඇය සිදුකරන සත්ක්‍රියාවන් වලටත් බොහෝ දෙනෙක් කැමැත්ත දක්වනවා.
ඇගේ හිත හොඳකම නිසාම ගොඩක් දෙනෙක් ඇයට ප්‍රශංසා කරන්නත් පැකිළෙන් නෑ. ඉතින් පසුගිය දවසක සම්මාන උළෙලකට සහභාගී වූ පියුමි මාධ්‍ය හමුවේ ඇගේ හොඳම මිතුරා චන්දි ගැනත් පෙම්වතා ගැනත් මෙහෙම කතාවක් කිව්වා.
"මට ඉන්නෙ හොඳම යාලුවෝ චන්දි. ජීවිතේ ගොඩක් යාලුවෝ හිටියා. එක තැනකදී තේරුම් ගත්තා ඒ හැමෝම ෆේක්. අන්තිම කාලේදී තෝරගත්ත යාලුවා තමයි මේ. මෙයා එක්කත් සමහර වෙලාවට රංඩු වෙනවා. මමයි බෝයි ෆෙර්න්ඩුයි පොඩ්ඩක් බ්‍රේකප් වුණාම එයා මෙයාට කියනවා. ඉතින් මෙයා මගේ කන කනවා. ඒක පොඩි වෙලාවයි. දැන් එහෙම ප්‍රශ්න දාගන්නෙ නෑ, දැන් පවුල් වෙලානේ ඉන්නෙ. ලස්සනට ඉන්නවා..."
"මම ලස්සනට ඉන්න කැමති කෙනෙක්. අපි වයසට යන්න යන්න ලස්සන අඩුවෙනවා. දැන් තිහයි. වයස හංඟන්න වුවමනාවක් නෑ. ඇයි මං හංඟන්නෙ..? මඩ කියන දේත් වදින්න ඔ්නි. අපිට විතරක් නෙවෙයි. මේ ලෝකෙම හැටි ඒක.. අපි හොඳ නරක දෙකම දරාගන්න වුවමනයි..."