දූගේ උපන්දිනයට ආදරණීය සුබපැතුම් ගෙනා චතුරිකා
ඊයේ ගයාන්ගෙයි, චතුරිකාගෙයි ආදරණීය දෝණිගෙ උපන්දිනය යෙදිලා තිබුණා. දෝණිට අම්මියි තාත්තියි දෙන්නම ආදරණීය සුබපැතුම් අරන් ඇවිත් තිබෙනු අපිට දකින්න ලැබුණා. ගයාන්ගෙ සුබපැතුම නම් අපි ඊයෙම අරන් ආවනෙ. මේ චතුරිකා තබා තිබූ ආදරණීය සුබපැතුම. ඒත් එක්කම කලා ලෝකයේ උපන්දින අමතක නොකර සුබපැතුම් අරන් එන දයාන් විතාරණයන් සමාජ මාධ්‍යයට එකතු කළ සොඳුරු රූ එකතුවක්ද අපිට දකින්න ලැබුණා.
දිව්‍ය ලොකෙන් මගේ ලෝකෙට ආපු පුංචි සුරංගනාවි, අද ඔයාගේ උපන්දින ය. ඔයා අපි ලගට ඇවිත් අවුරුදු 3ක් වෙනවා. ඔයාගේ ලස්සන හිනාවෙන් , කතාවෙන්, ඔයා අපි දෙන්නව විතරක් නෙමෙයි , මුළු ලෝකෙම සතුටු කරනවා. ඔයාට ගොඩාක් පිං අපේ ලෝකේ ලස්සන කරනවාට. උපදින හැම ආත්මයකම මගේම දෝනි වෙන්න මගේ බෝනික්කියේ. හැමදාම වගේ අදත් මං ප්‍රාර්ථනා කරන්නේ , ඔයා මගේ ආයුශත් අරං ලස්සනට ජිවත් වෙන්න ඕන කියන එක. සුභ උපන්දිනයක් මගේ පණ. ඔයාට තිස්තුන් කෝටියක් දෙයියන්ගේම පිහිටයි. බුදු සරණයි...."