දක්ෂ කලාකරුවන් රැසක් බිහි කළ ප්‍රවීන රංගන ශිල්පී හේමසිරි ලියනගේගේ පවුලේ සාදය මෙන්න
සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ වර්තමාන පරම්පරාවේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියන් කෙනෙක් කෙනෙක් කිව්වොත් නිවැරදියි. නිළි රැජිණ වන මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය විවාහ වෙලා සිටින්නේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ.
ඉන්ද්‍රචාපා ලියනගේ කියන්නේ ප්‍රවීන ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී හේමසිරි ලියනගේගේ දෙවැනි පුතනුවන්. ඔහුගේ වැඩිමහල් පුතනුවන් වන්නේ ප්‍රවීන සම්මානනීය රංගන ශිල්පියෙක් වන මහාචාර්‍ය සෞම්‍ය ලියනගේ. ඉන්ද්‍රචාපාගේ බාල සහෝදරයා වෛද්‍ය ආලෝක ලියනගේ.
සමනලී ෆොන්සේකා කලා පවුලක් නියෝජනය කරමින් යුගදිවියට එළබෙන්නේද තවත් කලා පවුලක කෙනෙක් එක්ක බව ඒ අනුව ඔබට වැටහෙනවා ඇති.
පසුගියදා ඉන්ද්‍රචාපාගේ සහෝදර ආලෝක ලියනගේගේ පුංචි පුතනුවන්ගේ උපන්දින සාදය පැවැත්වුනා. එම සාදයට ලියනගේ පවුලේ සියලුම සාමාජිකයින් පාහෙ සම්බන්ධ වුනා.
එහිදී ගත් ඡායාරූප සමාජ ජාලාවල පළ කරන්න සමනලී අමතක කළේ නැහැ.