දකුණු ඉන්දීය සුපිරි සිනමා අධ්යක්ෂ මනිරත්නම්ගේ අලුත්ම චිත්‍රපටයේ ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිතයකට
රෝජා, නායකන්, ගුරු, රාවනන්, චෙක්ක චිවන්ත වානම් ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ සුප්‍රකට ඉන්දීය සිනමාකරු මනි රත්නම්ගේ නවතම සිනමාපටය සඳහා මෙරට සම්මානනීය නළුවකු රංගනයෙන් දායක වෙනවා. එම රංගන ශිලියා අන් කවරෙකුත් නොව ශ්‍යාම් ප්රනාන්දුයි.
ඔහු දායක වනුයේ මහින්දන් නමැති චරිතයට පණ පොවමින්. එනම් මෙරට රාජාවලියේ සාර්ථක පාලකයෙක් ලෙස නම් වන පස් වැනි මිහිඳු රජතුමාගේ චරිතයයි. පොන්නයින් සෙල්ලවන් සිනමාපටය තුළින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පැතිකඩක් ද නිරූපණය වෙනවා.
එකල චෝල ආක්රමණත් සමඟ සිදු වූ ව්‍යසනයන් පිළිබඳ ද චිත්‍රපටයට ඇතුළත්. ඉන්දියාවේ මෙන්ම තායිලන්තය යන රටවල රූපගත කෙරුණු පොන්නියිනි සෙල්වන් සිනමාපටය සඳහා ශයාම් සම්බන්ධ වුණා. අයිෂ්වර්යා රායි, , වික්‍රම ට්‍රීෂා, ජයම් රවී, කාර්ති, ප්‍රභූ, ආර් සරත්කුමාර් වැනි සුපිරි නළු නිළියන් මෙහෙය වූ මනි රත්නම් වැනි සිනමාකරුවකු යටතේ ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයේ යෙදීම අප සිනමා කර්මාන්තයට ද ආලෝකයක් බව සඳහන් කළ යුතුයි.
සිනමා පටය සැප්තැම්බර් 30 වැනිදා සිට ලොව පුරා තිරගත වන අතර,එය මෙරටදී ද බොහො සිනමා ශාලා වලදී ඔබට නැරඹීමේ අවස්ථාව හිමිකර දී තිබෙනවා.