තවත් මාස හතරකින් මම ලංකාවට එනවා - ලෝචනා ඉමාෂි
මේ දවස්වල මම විදෙස් ගත වෙලා ඉන්නේ. මාස හතරකින් විතර පස්සේ තමයි මම ආයේ ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ. ඒ ඇවිල්ලා තමයි ඉතින් මොනවා හරි අලුත් වැඩක් කරන්න බලනවා. විදෙස් ගත වෙලා ඉන්න එකේ මගේ යූ ටියුබ් චැනල් එකට වැඩ ටිකක් කළා පුතත් එක්ක. පසුගිය කාලේ එක දිගට මගේ පුතත් එක්ක ගත කරන්න බැරි වුණ නිසා මේ සැරේ මම මාස හතරක් වගේ ලොකු කාලයක් එයත් එක්ක ඉන්න හිතුවා.