තව ටික දවසකින් මම ගුරුවරයෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරන නවීන් ගුණසේකර මේ වනවිට නිරූපණයෙන් නිර්මාණ රැසකටම දායක වී තිබෙනවා. එමෙන්ම තව කෙටි කලකින් ඔහු ගුරුවරයෙක් ලෙසද කටයුතු කිරීමට නියමිතයි. ඊට අමතරව නිරූපණයෙන් මෙන්ම රංගනයෙන් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන නවීන් සාරවිට කතාබහකට එකතු වුණේ මේ විදිහටයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම නවීන් ගුණසේකර. නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා. මම රොසෑන් ඩයස් මහත්මිය හරහා තමයි නිරූපණයට එන්නේ. 2014 දි තමයි මම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. ඒ ගමන තාම ඇදගෙන යනවා.

දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?

ෆොටෝෂූට්, කටවුට්, මියුසික් වීඩියෝවලට දායක වෙලා තිබෙනවා. රූනිගේ අළුත් ගීතයයේ ඉන්නවා. අංජන කල්හාරගේ නෙතු ළඟ, මිලින්ද සඳරුවන්ගේ සිතින් ලං වෙලා, රූනිගේ හීනවලට පාට දෙන්න ඇතුළු මියුසික් වීඩියෝ රැසකට දායක වෙලා තිබෙනවා. මේ දවස්වලත් සුපුරුදු විදිහට වැඩකටයුතු කරගෙන යනවා.

ඔබට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

මම නිරූපණ ශිල්පියෙක් විදිහට විතරයි දැනට වැඩ කරලා තිබෙන්නේ. පොදු සීසන් 02හි පොඩි චරිතයකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

රංගනයට අකමැත්තක් දක්වනවාද?

නැහැ. රංගනය කියන්නේ තරඟකාරීත්වයක්. හොඳ අවස්ථාවක් ලැබුණොත් රංගනයට එකතු වෙනවා. එතකල් නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කරනවා.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. ලොකු තරඟකාරීත්වයක් තිබෙන ක්ෂේත්‍රයක් තමයි මේකත්. මොකද දැන් ගොඩක් අය මේ ක්ෂේත්‍රයට එනවා. ෆීල්ඩ් එකේ රැඳෙන්න වාසනාවයි දක්ෂතාවයයි දෙකම තිබෙන්න ඕනේ.

නිරූපණයට අමතරව ඔබ තව මොනවාද කරන්නේ?

මම මේ වෙද්දි මගේ උපාධිය හදාරමින් ඉන්නේ. තව ටික දවසකින් මම ගුරුවරයෙක්.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ගුරු වෘත්තියට සම්බන්ධ වීම සහ රංගනයට එකතුවීම තමයි ඉදිරි බලාපොරොත්තු.

උදව් කළ අය ගැන කිව්වොත්?

නම් වශයෙන් කියන්න නම් ගොඩක් ඉන්නවා. ඒ හැමෝම ආදරයෙන් මතක් කරනවා. ඉෂාන්, ඒ වගේම උපුල් අයියා, සුජීව මහත්මා, ගීත් අයියා, ඉයන් අයියා ඇතුළු හැමදෙනාවම මතක් කරනවා.