තව ඉස්සරහටයි ලස්සන දවස් එන්නේ කියලා කිව්වට මේ ගෙවෙන්නේ ලස්සනම දවස්
නර්මදා යාපා අබේවර්ධන කියන්නේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා කලා ක්සේත්‍රයට පිවිසි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. හිරු නාලිකාවේ විකාශය වන කොපි චැට් වැඩසටහනේ නිවේදන කටයුතු කරන්නේද ඇයයි. නර්මදා පුංච් දඟකාර පුතාලා දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. නර්මදා ඇගේ වර්තමාන පෙම්වතා ගැනත් විවිධ දේවල් ඇගේ සමාජ මාධ්‍යවල පල කරනවා. මෑතකදී ඇය ඇගේ සමාජ මාධ්‍යවල අපූරු සටහනක් පල කළා. එම සටහන පහත දැක්වෙනවා.
"තව ඉස්සරහටයි ලස්සන දවස් එන්නේ කියලා කිව්වට මේ ගෙවෙන්නේ ලස්සනම දවස්!"