තමන්ගේ රට තරම් වෙන කොහෙවත් නැහැ. ලංකාවට වගේම මම ඉතාලියටත් හරි ආදරෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර Star Travel විශේෂාංගය තුළින් සඳැල්ල සමඟ එකතු වෙන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂා. 

දිල්කි Travel කරන කෙනෙක්ද ? 

මම සාමාන්‍ය මටිටමෙන් Travel කරන කෙනෙක්. නිතරම ගෙදරට වෙලා ඉන්නවට වඩා මම ජිවිතේ වෙනස් විදියට ඉන්න නිදහසේ ඉන්න කැමතියි.

වැඩිපුරම travel කරන්නේ කා එක්කද ?

ඇත්තටම මම වැඩිපුරම Travel කරන්නේ හස්බන්ඩි එක්ක. මුලින්ම Travel කරන්න පටන් ගත්තෙත් එයා එක්ක තමයි.

ලෝකේ වැඩිපුරම Travel කරන්න කැමති රට කොහෙද ? 

දැනට මම Travel කරලා තියෙන රටවල් එක්ක වැඩිපුරම Travel කරන්න කැමති ස්විස්ටර්ලන්තයේ. මතකයේ තියෙන සුන්දරම මතකය තමයි රතු කෝච්චිය. රවුතන් බර්න් කියන ඒ කොච්චි සංචාරයේ මතකය මට ගොඩක් විශේෂයි. ඇත්තටම ඒක මගේ බකට් ලිස්ට් එකේ තිබුණු මම යන්න බලාපොරොත්තුවෙන් හිටපු ගමනක්. ඒකේ තියෙන විශේෂත්වය අපි හරියට නවකතාවක් ඇතුළේ ජිවත් වෙනවා වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම හරිම සුන්දරයි. 

ලංකාවේ වැඩිපුරම travel කරන්න කැමති ? 

ලංකාවේ මම ගොඩක්ම කැමති බදුල්ල, බණ්ඩාරවෙල පැත්තට වගේම වැඩිපුරම Travel කරලා තියෙන්නේ නුවර එළියේ තමයි.

එතකොට වැඩිපුරම travel කරපු විදේශ රටවල් මොනවද ?

මම දැනට ඩුබායි, පින්ලන්තේ, කොරියාවේ, රුමේනියාවේ, ස්විට්ස්ර්ලන්තේ, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් කිහිපයකම සංචාරය කරලා තියෙනවා.  

දිල්කි මෙච්චර කාලෙකට travel කරපු ලස්සනම මතක හිටින සංචාරය මොකක්ද ? 

විදේශ රටවල් නම් කිහිපයකම සංචාරය කරලා තියෙනවා. ඒ අතරින් වැඩිපුරම මාස 7ක් 8ක් වගේ කාලයක් Travel කළේ ඉතාලියේ තමයි. ඇත්තටම අපේ රටට සාපේක්ෂව හරිම නිදහසක් තියෙනවා. නමුත් කොච්චර වුණත් තමන්ගේ රට තරම් වෙන කොහෙවත් නැහැ. ලංකාවට වගේම මම ඉතාලියටත් හරි ආදරෙයි. මෙහේ ජිවිතේ ගත කරන විදිය, මිනිස්සුන්ගේ ගතිගුණ සහ හිතන පතන විදියට ගොඩක් කැමතියි. අපිට අවශ්‍ය විදියට Travel කරන්න ගොඩක් තැන් තියෙනවා. මෙහෙ Travel ලයිෆ් එක ගොඩක් හොදයි.

Travel කරන එක ගැන දිල්කි මොකද හිතෙන්නේ ?

ඇත්තටම Travel කරනවා කියන්නේ අපේ ඔළුව නිදහස් වෙන්න, අපේ කාර්යබහුලත්වයෙන් මිදෙන්න වගේම ජිවිතේ සතුටින් පුරවන දෙයක් කිව්වොත්  නිවැරදියි. අපේ ජීවිතේට අලුත් හැඟීමක් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න පුළුවන් සුන්දර දෙයක් Travel කරනවා කියන්නේ.

මේ අවුරුද්දේ දිල්කි Travel කරන්න බලාපොරොත්තු වෙන තැන් මොනවද ? 

විශේෂ සැලසුමක් නැහැ. නමුත් රටවල් කිහිපයකට මගේ වෘත්තිය වැඩ කටයුතු වලට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ විදේශ සංචාරයන් නම් ගොඩක් දුරට Travel කරන්නම නෙමෙයි. මම ඉතින් ඒ අවස්ථාවේදී ඒ රටවල ඇවිදින්න ලස්සන තැන් වල Travel කරන්න යනවා. අවස්ථාව ලැබුණු ගමන් ලංකාවට එන්නත් අපි දෙන්නා බලන් ඉන්නවා.   

දිල්කිගේ ජීවිතේ කවදහරි දවසක යන්න ආසාවෙන් ඉන්න තැන් මොනවද ?

මම අසාවෙන් ඉන්නවා මම ගියේ නැති ග්‍රීසිය වගේ ලස්සන රටකට Travel කරන්න. ඒ වගේම තවත් ලස්සන රටවල් වල Travel කරන්න කැමැත්තෙන් ඉන්නවා. 

දිල්කිට travel කරද්දී කන්න හම්බුණ රසම කෑම මොනවද ?

ලංකාවේ නම් මම ආසම දඹුල්ල පැත්තට එහෙ යද්දී පොල්රොටි එක්ක හතු කරියයි, ලුණුමිරිසුයි තියෙන තැනක් තියෙනවා. එතනින් කන්න මම ගොඩක්ම ආසයි.

සාමාන්‍යයෙන් ක්රෙවින් එකක් අවොත් ගූගල් එකේ තියෙන තැන් හොයාගෙන ගිහින් කෑම කන අවස්ථා තියෙනවා. නමුත් මම අලුත් කෑම ට්‍රයි කරන්න ලොකු කැමැත්තක් දක්වනවා අඩුයි. ගොඩක් අවස්ථාවල කොහේ ගියත් කන්න කැමති කෑම හොයාගෙන කන්න තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ. ගොඩක්ම හොයන්නේ ජැපනීස්, චයිනීස්, ඉන්දියන් කෑම නැත්නම් ලංකාවේ කෑම තමයි. 

කොහොමද travel කරන්න යන්න සූදානම ?

අපි ගොඩක් අවස්ථාවල ප්ලෑන් කරලා ගමන් බිමන් යනවා අඩුයි. හස්බන්ඩ්ටයි මටයි හිතුණොත් ඒ වෙලාවේ යනවා. නැත්තන් ගෙදර අය එක්ක කතා වෙලා යනවා. මගේ ශෝ එකකට යන ගමන් එහෙම්ම ඇවිදින්න යනවා. ගොඩක් වෙලාවට ඒ විදියට තමයි Travel කරන්නේ. 

දිල්කිට Travel කරද්දි තියෙන අමතක නොවෙන සිදුවීම් මොනවද ? 

Travel කරන්න යන හැම තැනකම මට නම් හරි ලස්සන මතකයක්. මම කොහේ ගියත් සතුටු හිතෙන මතක එකතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. ගොඩක් වෙලාවට Travel කරන හැම අවස්ථාවකම අපිට එකතු වෙන්නේ අලුත් අත්දැකීම්. ඒ විදියට හැම Travel එකකදීම මම අලුත් අත්දැකීම් එකතු කරගන්නවා.

දිල්කිගේ පුංචි කාලේ travel මතක මොන වගේද ?

මම පොඩි කාලේදී නම් ගේ ඇතුළටම වෙලා හිටපු කෙනෙක්. විවාහ වුණාට පස්සේ තමයි Travel කරන්න ගත්තේ. සමහරවිට මම ලංකාවෙන් එළියට ආපු නිසා වෙන්නැති.

අමා අලහකෝන්