තමන්ගේ ආත්ම විශ්වාසය කවදාවත් නැති කරගන්න එපා - ඔහුගෙන් අගනා කතාවක්
"මම මේ ලියන්නේ පොතකින් කියවපු එකක් හෝ කවුරුත් කී දෙයක් නොව මා ජීවිතයේ ලත් අත්දැකීම්.තම ස්වශක්තියෙන් ලොව ජයගත් ආඩම්බර, අභිමානවත් ශ්‍රි ලාංකිකයෙකු හැටියට...."
ඩිලන්ත මාලගමුව කියන්නෙ ජාත්‍යන්තරය ජයගත් අයෙක්. ඔහු උත්සහයෙන් සිය ජීවිතය තුළ සාර්ථක ගමනක් ආ කෙනෙක් කියන කාරණය කවුරුත් දන්නවා. සිය ෆේස්බුක් ගිණුම තුළ ඔහු කාටත් ආදර්ශයක් වෙමින් සටහනක් තබා තිබුණා.
පහතින් දැක්වෙන්නේ එලෙස ඔහු තබා තිබූ සටහනයි...
සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම. මට ජීවිතයේ සියලු දේ නැතිවුන කිහිප විටක් ඇත. නමුත් කිසිවිටක අත් හැරියේ නැත. මම ඉගෙන ගත් දෙය සැමදා නැගිට ගමන් හිතන්නේ මගේ ජීවිතයේ සුන්දරම දවස් පටන් ගන්නේ අද ඉන්දලා කියලා. තමන්ගේ ආත්ම විශ්වාසය කවදාවත් නැති කරගන්න එපා. මම ජයගත්තෙත් ඉදිරියේදී ජයගන්නෙත් ඒ නිසා. මම මේ ලියන්නේ පොතකින් කියවපු එකක් හෝ කවුරුත් කී දෙයක් නොව මා ජීවිතයේ ලත් අත්දැකීම්.තම ස්වශක්තියෙන් ලොව ජයගත් ආඩම්බර, අභිමානවත් ශ්‍රි ලාංකිකයෙකු හැටියට. මට අවශ්‍ය තව කෙනෙකුට ධනාත්මකව සිතන්න පුරුදු කරන්න. මෙය කිය වන්න කැමති නැති අය කියවන්න එපා රිනාත්මක දේවල් ලියන්නත් එපා.