තමන් ලියන දේ සම්බන්ධයෙන් රචකයෙකුට පෙනි ඉන්න පුළුවන් වෙන්න ඕන
පුවත්පත් කලාවේදියෙක් ලෙස මාධ්‍ය ජීවිතය අරඹන ඔහු නිදුක් මදුෂිකය,ඉන්පසු ගුවන් විදුලිය,රූපවාහිනිය තුළ පිටපත් රචකයෙක් ලෙස කටයුතු කරන ඔහු සිනමා තිරරචකයෙක් ලෙසද සිනමා ක්ෂත්‍රයට පිවිසෙයි. ඒ මේ දිනවල සාර්ථකව තිරගත වන “කම්බිලි” චිත්‍රපටයේ කතාව දෙබස් හා තිරරචනය සිදුකරමිනි.මේ සංවාදය ඔහු සමගිනි.
ඔබේ නිර්මාණ කීපයක්ම මේ දිනවල අපට දැක ගන්න ලැබෙනවා.අපි එතනින් කතාව පටන් ගමු.?
ටිවි දෙරණ නාලිකාවේ විකාෂය වන “සැලෙනා නුවන්” ටෙලි නාට්‍යත් “ප්‍රාර්ථනා” ටෙලි නාට්‍යයත් මම රචනා කරමින් සිටිනවා.ඒ එක්කම හිරු එෆ් එම් නාලිකාවේ “ආදරේ නාමෙන්” ගුවන් විදුලි නාට්‍යය රචනා කරනවා,ඒ වගේම මං රචනා කර කම්බිලි චිත්‍රපටය මේ දින වල තිරගත වෙනවා
මේ එකිනෙකට වෙනස් මාධ්‍යන්,මේ තුළ රචකයෙක් ලෙස කටයුතු කිරිම ගැන ඔබේ අදහස කිව්වොත්?
පුවත්පතින් මං මේ ගමන පටන් ගත්තේ,ඒ වෙද්දි ඒ තුළ සිටින්නේ පාඨකයින්,ඔවුන් සදහා මගේ ලීවීම සිදුකලේ..ඒ තුළ නවකතා රචනා කලා.ඉන්පසු තමයි ගුවන් විදුලියට යොමුවෙන්නේ.සාමුහික කලාවක් ඇතුලේ වැඩ කරන්න යොමුවෙනවා.ඒක ශ්‍රව්‍යය මාධ්‍යයක්.හඩ ප්‍රයෝග උපයෝගි කරගනිමින් ,නාට්‍යය ගොඩ නැගෙනවා.ඊට අනුරූපව නාට්‍යය රචනා වනවා.රූප වාහිනී රචනයට ප්‍රවේෂවීමත් එක්ක ශ්‍රව්‍යය දෘශ්‍යය මාධ්‍යය දෙකම උපයෝගිකරගෙන පිටපත් රචනය කරන්න පුළුවන්.සිනමාවත් එහෙමයි,ඒඒ මාධ්‍යය වල අනන්‍යතා එක්ක මං මගේ රචනා සිදුකළා.රූපවාහිනියට වඩා සිනමාවේදී වඩා සංවිධිත තිරපිටපතක් ලියන්න අවස්ථාව ලැබෙනවා.ඒ ලැබුණු අත් දැකීම් සිනමා තිරරචනයට ගොඩක් ඉවහල් වුණා.
ඒ අත් දැකීම් එක්ක කම්බිලි තිරපිටපත රචනා කිරීම ගැන ඔබ කතා කලොත්?
චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසාද් කළු පහන ගීත රුපරචනා සිදුකල කෙනෙක්.ඔහු දැන හැදින ගැනීම සමග,මං තිරරචකයෙක් ලෙස වෘත්තියව කටයුතු කරන අතර,ඔහුගේ ගීත රචනා වල පිටපත් ලියන්න යොමුවුණා. ගොඩක් වෙලාවට සිද්ද වෙන්නේ ඔහු මට ගිතය යොමුකරලා ඒකට ඉන්න ශිල්පීනුයි දර්ශන තලයයි කියන එක.මං ඒ අනුව තිරරචනය ගොඩ නගනවා.ඒ සියල්ල වෘත්තිය ට කළ දෙයක් නෙමෙයි,එහෙම අවස්ථාවක තමයි ඔහු රෑප රචනය සිදුකරන ගීතයකට වෙද ගෙදරක කතාවක් ලියවෙන්නේ..එ සංකල්පයත් මේ කතාව ගොඩ නගද්දි උපකාරි වුණා.විශේෂම දේ තමයි පෙර සදහන් කල අත්දැකීම් එක්ක මේ කතාව ලියද්දි මට නිදහස් කාල අවකාශයක් ලැබුණ එක ඒ තුළම ඒ වෙනුවෙන් වෙහෙසෙන්න මට හැකියාව ලැබුණා.එය කතාව හොදින් ගොඩ නගන්න මට ලොකු පසුබිමක් හැදුණා.තිරපිටපත අවසන් වීමෙන් පසු තමයි මං අධ්‍යක්ෂක හා අනෙක් පිරිස අතර සාකච්ජාකලේ..ඒකට විශේෂම හේතුව මං ලියන දේ සම්බන්ධයෙන් මට පෙනී සිටින්න පුළුවන් වෙන්න ඕන.මං රචනා කරන්නේ ඒ අදහසේ ඉදගෙන..මෙහිදි සිදුවූයේ තිරපිට පත අවසන්වූ පසු මේ සදහා නිෂ්පාදකයෙක් සොයන්නට යොමුවීම...මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ “යායු එන්ටටේට්මන්ට්” ආයතනයේ නිශාන්ත ගල්හේන මහතා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කැමති වෙන්නේ මේ තිරපිටපත නිසාමයි කියලා ඔහු සදහන් කලා,ඒ නිසාම ඒ වෙනුවෙන් දරපු ආයාසය ගැන මට ලොකු සතුටක් තියෙන්නේ.
චිත්‍රපටියට ලැබෙන ප්‍රතිචාර ගැන තිර රචකයා විදියට එහෙම සතුටක් තියනවද?
මුලින්ම චිත්‍රපටියේ කතා සංකල්පය ගොඩනඟලා ඒක තිර රචනයක් විදියට ලබා දෙන විට, මම චිත්‍රපටය මනසින් දැකලා ඉවරයි..මම රචකයා විදියට මනසින් දැකපු චරිත සිනමා තිරයේදී දකිනවා. ලැබුණු ප්‍රතිචාර ගැන ලොකු සතුටක් මට තියෙනවා.සිනමාව ගැන යම් හැදෑරිමක් ඇති පුද්ගලයින් සේම,ප්‍රේක්ෂකයනුත් තිර රචනය ගැන විශේෂයෙන් කතා කරනවා.ඒ ගැන සතුටුයි
ඔබ පැමිණි ගමන් මග ගැන හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.ඒ ගමනේදි සොදුරු මිනිස්සු වගේම අදුරු මිනිස්සුත් හම්බුණා.ඒ හැමදේම මගේ ජීවිතේ අත්දැකීම්.ඒ අත්දැකීම් එක්ක මම ගොඩ නැගුණා. මම නුවරින් ටිකක් ඈත ගමක ඉදන් කොළඹ ආපු කෙනෙක්.මටඕන වුණේ මට දැනෙන හැම හැගීමක්ම ලියන්න..ඒක ඇත්තටම උණක්...මං ලියන හැම දේටම වේදිකාවක් වුණ මිනිස්සු හිටියා,ගුරුහරුකම් දුන්න මිනිස්සු හිටියා.විශේෂයෙන් දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතා,ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා,ඇතුළු මට ශ්‍ක්තියක් වු හැමකෙනෙක්ම මතක් කල යුතුයි
ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කලොත්?
මේ දිනවලත් මම සිනමා තිර පිටපතක් රචනා කරමින් ඉන්නේ.ඊට අමතරව නවකතාවකුත් නුදුරේදිම මම එලිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.ටෙලිනාට්‍යය දෙකක් හා ගුවන් විදුලි නාට්‍ය රචනයත් එක්ක කාර්යබහුල වීම නිසා ඒ වැඩ කටයුතු හෙමින් සිද්ද වෙන්නේ...
සංවාදය - ඉන්දික පුෂ්පකුමාර