’’තෑන්ක්ස් FB මම කොච්චර මෝඩද කියල මතක් කළාට’’ ශේෂාද්‍රි ප්‍රියසාද් අතීතය මතක් කරමින් හදිසියේ තැබූ සට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා පවුල්වලින් ඉස්මතු වුණු තරු අතර සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් රසික ජනාදරයට පත් රංගන ශිල්පිනියක්. පෞද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දී කාලයක් නිහඬව සිටි ඇය පසුගිය වසරේදී කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "Doctor" සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ අතිනත ගත්තා. දැන් අය පුංචි දුවෙකුගේ මවක්.

පසුගියදා ශේෂාද්‍රි සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කරලා තිබුණා. ඒ ඇය මීට වසර නවයකට දහයකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහන් කීපයක්. එම සටහන්වල ඇය කන්න බොන්න නිදියන්න යන විස්තර පවා තිබුණා. ඒ සටහන් නැවත පළ කරමින් ඇය කියා සිටියේ තමන් ඉස්සර කොයිතරම් මෝඩයිද කියලා මතක් කළාට ෆේස්බුක් එකට ස්තුතිවන්ත වෙන බවයි. ඇය පළ කර තිබුණේ මෙලෙසයි.

"තෑන්ක්ස් FB මම කොච්චර මෝඩද කියල මතක් කළාට. සමාවෙන්න යාලුවනේ ඔයාලට මේ හැමදෙයක්ම විදින්න වුණාට...!