තුන් දෙනෙක් ඇතුලේ තියලා කොහොමද මම ඔයාට ඇප දෙන්නේ - ජෙහාන්ගේ බිරිඳ කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අරගලය තවමත් ක්‍රියාත්මකයි. අරගලකරුවන් කිහිපදෙනෙක් තවමත් ඉන්නෙ සිරගතව. ඒ අතරින් පිරිසකට එළියට එන්න හැකියාව තිබියදීත් අනිත් පිරිස එළියට එනකල් ඔවුන් එක්ක සිරගතව ඉන්න පිරිසකුත් ඉන්නවා. ජෙහාන් අප්පුහාමි කියන්නෙත් ඒ අතරින් කෙනෙක්. මේ ඔහුගේ ආදරණීය බිරිඳ තැබූ සටහනක්.

"ජෙහාන්. ඔයාව මට ඕන තමයි. මට ගොඩක් දුකයි තමයි. ඔයාව දරුවන්ට ඕන තමයි..එයාලා හැම තප්පරේම ඔයාව අහනවා තමයි.මට නින්ද යන්නෙත් නෑ තමයි. ඊයේ මැගසින් බන්ධනාගාරෙට ගිහින් ඔයාවයි අනිත් අයයි බලලා.ඔයාල හැමෝම අද ගන්නවා කියලා. උසාවියට ගියේ ඇප දෙන්න තමයි.ඒත්. තුන් දෙනෙක් ඇතුලේ තියලා කොහොමද මම ඔයාට ඇප දෙන්නේ. මට එච්චර ආත්මාර්ථකාමී වෙන්න බැහැ. මම දන්නවා ඔයත් කැමතිද නෑ උන් දාලා ගෙදර එන්න. ඔයා එන දවසක එන්න හැමෝම එක්කම. මට ඔයා එනකන් දරුවෝ එක්ක ඉන්න පුළුවන්. මම ඔයාට ආදරෙයි."