තාත්තාගේ අසනීපය නිසා ආදරණීය නිළි පියුමි බොතේජු සංවේදී වූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියුමි බොතේජු කියන්නෙ පුංචි තිරයේ, රිදී තිරයේ දක්ෂතා පෙන්වූ විශේෂයෙන්ම හාස්‍ය රංගනයෙන් ප්‍රේක්ෂකයින් ඇඳ බැඳගත් ආදරණීය රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී චරිතයක් විදිහටත්, කවුරුත් ආදරේ කරන ඇයට පසුගිය දවසක පුංචි කරදරයක් වුණා. ඒ ඇගේ තාත්තා හදිසියේ රෝහල්ගත කරපු නිසා. ඉතින් තාත්තාට ඉක්මණ් සුව පතමින් ඇය ශාන්ත අන්තෝනි දේවස්ථානයට ත් ගිහින් තිබුණා.

මේ තියෙන්නෙ ඇය මුහුණු පොතේ පළ කරපු සටහන්. ඇගේ පියාණන්ට ඉක්මණ් සුව ලැබේවා යැයි අපිත් ප්‍රාර්ථනා කරමු.

ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ පිහිට ලැබේවා මගේ තාත්ති සුවපත් වේවා! ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මගේ තාත්ති එක්ක ප්‍රතිකාර ලබන සියලු රෝගින් සුවපත් වේවා! දැඩිසත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන්ට හෙද සොයුරියන්ට ඔවුන්ගේ කාර්ය්‍ය භාර්‍ය කිසිදු වෙහෙසකින් තොරව කිරිමට සියලු ශක්තිය ලැබේවා ජේසු පිහිටයි.