ඩිලානි අබේවර්ධන මෙතෙක් නොකී කතාවක් කියයි
ඩිලානි අබේවර්ධන කියන්නෙ එදා රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරේ කළ රුවැත්තියක්. ඒත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටියදී ඇය අමරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙනවා. මේ වෙනකොටත් අමරිකාවේ පදිංචිව සිටින ඇය පසුගිය දවසක ලංකාවටත් ඇවිත් ගියා. ඒ ඇවිත් ගිය වෙලාවක ඇය කැළුම් විජේසූරිය සමඟ සාකච්ඡාවකටත් එක්වුණා.
"ලංකාවෙන් ආපු කාලේ, මම එතකොට පීක් එකෙ හිටියේ. මම ඒක දරාගෙන හිටියේ මේක මම දාලා ගිහින් එතන රස්සාවක් කරද්දි ඒ මට දැණුන වේදනාව දරාගෙන හිටියේ මගේ පවුල වෙනුවෙන් දරුවෝ වෙනුවෙන්.. මගේ ළඟට ඇවිල්ලා ආදරෙ ප්‍රකාශ කරන විදිහ දැක්කම හැම තිස්සෙම අඬන්න හිතෙනවා..."
"මම කැමති නෑ මම ආදරය කරන කෙනා තවත් කෙනෙක් එක්ක ළඟින් ඉන්නවට. දැන් නම් කමක් නෑ ඕන කෙනෙක්ට හග් කරන්න පුලුවන්. ඉස්සර හග් කරනවටවත් කැමති නෑ. අනිත් හැමදේම බෙදාගන්නවා. මගේ ආදරේ බෙදාගන්න කොහොමත් කැමති නෑ..."