ටෙලි තිරය සැරසූ පුංචි කිරිල්ලි හර්ෂි, රංගනයට සමුදෙන්නද මේ සූදානම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"මම අවුරුදු 11ක් රංගන ක්ෂේත්‍රයේ හිටියා. ඒ මගේ අම්මිගේ ආසාව නිසා. ඒත් මම මගේ රංගන කටයුතු නතර කරන්න තීරනය කලා. මගේ වැඩිදුර අධ්‍යාපනයට මම ලංකාවෙන් යනවා ලබන අවුරුද්දෙ. ඉතින් ඒ නිසා මම සෑම කලා කටයුත්තක්ම නවත්තන්න තීරනය කලා" හර්ෂි රසාංගා එහෙම නැත්තම්, ඔබ ඇයව අඳුනන්නෙ "ළංවී" හි "අපූර්වා" විදිහට. ඇය සමාජ සිය ෆේස්බුක් ගිණුමෙහි සහ ඉන්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබුණා. ඒ ඇය රංගනයෙන් සමුගන්න කතාවක්. කියවලාම බලන්නකො මොකක්ද මේ කතාව කියලා.

දෙයක් කියන්න ආවේ. 
මම අවුරුදු 11ක් රංගන ක්ෂේත්‍රයේ හිටියා. ඒ මගේ අම්මිගේ ආසාව නිසා. ඒත් මම මගේ රංගන කටයුතු නතර කරන්න තීරනය කලා. මගේ වැඩිදුර අධ්‍යාපනයට මම ලංකාවෙන් යනවා ලබන අවුරුද්දෙ. ඉතින් ඒ නිසා මම සෑම කලා කටයුත්තක්ම නවත්තන්න තීරනය කලා. 
මේ දවස් වල හිරු නාලිකාවෙ විකාශනය වන ලංවී නාට්‍යය මම ගොඩක් ආසාවෙන් කරන වැඩක්. Drama එක පටන් ගන්න කලින් රගපෑම් කටයුතු නවත්තන්න හිටියෙ. ඒත් script එක කියෙව්වම වැඩේ ලස්සනයි කියලා හිතුන නිසා drama එක කරලම ලංකාවෙන් යනවා කියලා හිතාගත්ත. ඉතින් drama එකට priority දීලා ඒක ඉවර කරලා මම ලංකාවෙන් යනවා. 
ඉතින් කියන්න ඕන, 
අවුරුදු 11ක් මට ආදරේ කරපු අය, මට බැන බැන මං ගැන හොයපු අය හැමෝටම මම ගොඩක් ආදරෙයි. කවදාවත් ඔයාලගෙන් ලැබුනු ආදරය අමතක වෙන්නෙ නැ. ඒ වගේම මගේ හිතේ ඔයාලට තියෙන ආදරෙත් අඩු වෙන්නෙ නෑ. 
මේ ගමනෙදි මට වචනෙකින් හරි උදව් කරපු අයට ඒ වගේම මාව කපපු, තැන් තැන් වල මට බැන්‍පු, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ අය නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, මම තවත් ශක්තිමත් වුනා. මට උදව් කරපු අය නම් වශයෙන් කියන්න බැරි තරම්. ඒත් ඒ හැම නමක්ම මගේ හිතේ කෙටිලා තියෙනවා හැමදාටම. 
ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ,
ඔයාගේ ජීවිතේ ඔයා කැමති විදිහට විදින්න. 
ආදරෙයි 
- හර්ෂි රසංගා -