ජයලත් මනෝරත්න මහතා අසනීප වූ මොහොත අපි ඔක්කෝටම ගෙන දුන්නේ කම්පනයක්
චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ දී දින 100ක් පසු කිරීම යනු මේ කාලයේ හැටියට ඉතා විරල අවස්ථාවකි. ඉන්ධන, ආහාර, ගෑස්, ඖෂධ නොමැතිව රටම අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ චිත්‍රපටයක් දින 100ක් පසුකිරීම එක් අතකට වාර්තාවකි. මේ වාර්තා ගත අවස්ථාව පසු කිරීමට තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී චිත්‍රපටයට පුළුවන් වුණා. මේ චිත්‍රපටයේ කතාව ඒ වගේම නළු නිළියන්ගේ රංගනයට අමතරව, චිත්‍රපටයේ කැමරාකරණය ඉතාම විශිෂ්ට මට්ටමේ තිබූ බව බොහෝ දෙනාගේ හැඟීමයි. ආශාවරී චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ දෙස් - විදෙස් සම්මානලාභී රුවන් කොස්තා ප්රවීනයාය. රුවන් හට පසුගියදා ප්‍රංශයේ පැවැත් වූ නීස් ජාත්‍යන්තර සිනමා උළලේ දී විදේශීය භාෂා අංශය සඳහා වූ නිර්මාණ අතරින් හොඳම සිනමා කැමරාකරණය වෙනුවෙන් සම්මානයක් හිමිවිය. ඒ තිරගත වීමට නියමිත ‘දඩඉම’ චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙනි. මෙලෙසින් කැමරාවෙන් ආකර්ශනීය චිත්‍ර මවන සොඳුරු දර්ශන මවන රුවන් හට කැමරාව පිටුපස සිට මෙතෙක් මුහුණදුන් සිදුවීම් සහ මතකයන් අත්දැකීම් ගැන විස්තර කියන්නට ඉඩ හරිමු.
චිත්‍රපට දෙකක එකවර ෂූටිං...
‘සාමාන්‍යයෙන් චිත්‍රපට දෙකක රූගත කිරීම් එකම කැමරා ශිල්පියකු විසින් සිදු කරන්නේ නැහැ. ඒත් නොවැලැක්විය හැකි හේතු යෙදී තිබුණු නිසා ආශාවරී සහ දඩඉම චිත්‍රපට දෙකම එකට ෂූට් කරන්න තිබුණේ. ආශාවරී ආකර්ශනීය චිත්‍රපටයක්. ඒ නිසා ඒකේ වර්ණ සහ වර්ණ සංයෝජන හැඩ තල ගැන මම තේජා එක්ක කතා කරගෙන හිටියෙ. එතකොට ඒකේ විදිය වෙනස්. වෛද්‍ය නයෝමල් ප්‍රනාන්දුගේ දඩඉම වෙනස් හැඩයක්. ඒ සියල්ල පටලවාගන්න බැහැ. ඉතින් ඒක අපි ඔක්කෝටම ලොකු අභියෝගයක් වුණා. මේ චිත්‍රපට දෙක දෙකක්. ඒ අනුව ඒ වෙනස හඳුනාගෙන ආලෝක කරණය වගේම කැමරා ලෙන්ස් එකේ සිට සියල්ල කළේ විෂයයන් දෙකක් හැටියට. හැබැයි ඒ වුණාට මම හරි බයකින් වැඩ කළේ. මොකද චිත්‍රපට දෙකක ෂූටිං එකවර එකම කාල වකවානුවක කිරීම ඉතාම සංයමයකින් දැනුමකින් කළ යුතු දෙයක් වූ නිසා.
චිත්‍රපටයක රූගත කිරීම් කිරීමේ දී කළ යුතු කාර්යබාරය...
අපි තිරගත වන ආශාවරී ගැනම කතා කරමුකො. තේජා සහ මම හමුවන්නෙ වෙළඳ දැන්වීම්කරණය නිසයි. ඉතින් නිතරම අප දෙදෙනාටම අපි ගැන හොඳ අවබෝධයක් තිබෙන්නේ. මේ කතාව හරි රසවත් විදියට එයා කිව්වා. ඒ විදියට කියද්දී ඉබේම මම රූප මවා ගන්නවා. එයා වෙළඳ දැන්වීමක් කළත් එහෙමයි. ඒ රසවත් බව නිසා තමයි කැමරාවෙන් ඒ රසය තවත් වැඩි කරවන්න මම උත්සාහ ගන්නේ. දවසක් අපි වෙළඳ දැන්වීමක් රූගත කරමින් සිටිය දී තමයි තේජා මුලින්ම මේ කතාව ගැන කිව්වේ.
ඔන්න ඊට පස්සේ මනසේ මැවිච්ච පසුතල හොයාගෙන අපි දර්ශන තල බලන්න මුලින්ම ගියා. තේජා, මම, තිර රචක සහ නිෂ්පාදන අංශයේ කෙනෙක් සමග අපි ඒ විදියට රට පුරා ගියා. එතකොට ඒ ලොකේෂන් එකට අනුව තමයි තේජා කතාව ගොඩනගා ගත්තෙත්. තිර රචනය ලියන්නත් කලින් තමයි අපි විදියට කළේ. එතකොට අපි ඒ රූප මවලා ඉවරයි. ඊළඟට තිබුණේ තිර තිරචනය අනුව යමින් ෂූට් කරන්න විතරයි. චිත්‍රපටයක් කිරීමේ දී අධ්යක්ෂවරයා හීනයක් දකිනවනෙ. ඉතින් අපි කරන්නේ ඒ හිනය රූප මගින් සැබෑ කර දීමයි.
දැන් ආශාවරී දින 100 පසුකර ඉවරනේ. මේ විදියට මේ වගේ අසීරු කාලයක දී එලෙසින් තිරගත වීම පිටුපස කැමරාවෙන් ඔබ කළ හපන්කම මොන වගේද?
අපි හිංදි සිනමාව ගනිමු. දමිළ වාණිජ සිනමාව ගනිමු. ඒ නිර්මාණවල ෆොටෝග්රැෆිවල තියෙන්නේ පුදුමාකාර ආකර්ශනීය බවක්. ඇයි අපට ලංකාවේ ඒ අභියෝගය බාර ගන්නට බැරි කියන දේ නිතරම තේජා සහ මා අතර කතා වූ දෙයක්. මිනිස්සුන්ට ප්‍රශ්න තියාගෙන හරි චිත්‍රපටයක් බලන්න හේතුවක් තියෙන්න ඕනෑ. එහිදී මුලින්ම නෙත ආකර්ශනය කරගන්නේ රූප රාමු. එහෙම නොවී ප්‍රශ්න ගොඩක් නරඹලා ඔළුව තවත් බර කරගන්න නෙවෙයි චිත්‍රපටයක් නරඹන්න යන්නේ.
ආශාවරී රූගත කරගෙන යද්දී අපි නොසිතූ විදියට වැස්සක් වැස්සා. ඉතින් ඒ නිසා අපට චිත්‍රපටය රූගත කිරීම් කල් දාන්නත් බැහැ. තේජා කිව්වේ වැස්සේ හරි අපි මේ වැඩේ කරමු කියලා. ඒ අනුව සුදුපාට ටෙන්ට් රෙදි ගෙනැල්ලා මුළු දර්ශන තලයම ආවරණය කර ගත්තා. හේමාල් සහ ඉෂංකා හමුවන තැන අපි රූගත කළේ ඒ විදියටයි. වැස්ස හංගලා වැස්සෙ තමයි අවස්ථාව රූගත කළේ.
ආශාවරී රූගත කරන්න කොච්චර ලෙන්ස් ප්‍රමාණයක් භාවිතා කළා ද?
ආශාවරී වෙනුවෙන් විවිධ පරාසයන්ට අයත් ලෙන්ස් පහක් හයක් විතර පාවිච්චි කළා. ඊට අමතරව ඩ්‍රෝන කැමරාව භාවිතා කළා. ඒ හැර වෙනත් විශේෂත්වයක් කළේ නැහැ.
නළු නිළි හැසිරීමේ දී අමතක නොවූ අවස්ථා...
ජයලත් මනෝරත්න මහතා අසනීප වූ මොහොත අපි ඔක්කෝටම ගෙන දුන්නේ කම්පනයක්. එතුමා සුව වී එන තෙක් අපි වැඩේ අත්හැරියේ නැහැ. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ දී තියෙන කාලගුණය නෙවෙයි. අප්‍රේල්වල තියෙන්නේ කොහොම වුණත් චිත්‍රපටයේ අඛණ්ඩතාවය එකම විදියට තියාගන්න අපි පොඩි පොඩි උපක්‍රම කළා. එහෙම නොකළා නම් චිත්‍රපටය අසාර්ථකයි. නළු නිළියන් හැසිරවීමේ දී මට අවශ්‍යයි කියලා මගේ පැත්තට විධාන දීලා හරවා ගන්න යන්නේ නැහැ. නළු නිළියන්ගේ නිදහස ඔවුන්ට තිබිය යුතුයි. මම බොහෝ විට කරන්නේ අවශ්‍ය දිශාව පොයින්ට් එක ගැන කියන එක විතරයි. ඒ හැර අනෙකුත් සියල්ල අධ්යක්ෂවරයා එයාලට කියලා ඉවරයිනේ. මම කරන්නේ නිදහසේ රඟපාන ඒ දේ කැමරාවට කොහොමද ආකර්ශනීයව හසු කරගන්නේ කියන එක කිරීමයි. ඒ නිසා තමයි. ඉෂංකා වැනි අලුත් ශිල්පිනියක් පවා එයාගේ නිදහසේ ඒ රඟපෑම ලස්සනට ඉදිරිපත් කළේ.
මෙච්චර ලස්සන දර්ශනතල හොයා ගන්නේ කොහොමද?
මම කැමරා අධ්‍යක්ෂණය කළ වෙනත් චිත්‍රපටවලට වඩා ආශාවරී චිත්‍රපටය රූගත කිරීමට පෙර ලොකේෂන් ගණනාවක් සොයාගෙන ගියා. වැඩිම ලොකේෂන් ප්‍රමාණයක් සොයා ගිහින් තමයි අන්තිමට අවශ්‍යම තැන ස්ථිර කර ගත්තේ. ඒ තැන හොඳ නැහැ කියලා හිතුන අවස්ථාවල කිලෝ මීටර් දෙක තුනක් පයින් ගිහින් තමයි ලොකේෂන් හොයා ගත්තේ. ඊට පස්සේ රූගත කිරීම් යොදා ගත්තාම උපකරණ ගෙනිච්ච ඩක්කුවකින් රේල් පාරේ දර්ශන රූගත කළේ ඒ විදියට පරිශ්‍රමයක් කැපවීමක් කරලයි. ලොකේෂන් කන්ෆර්ම් කර ගත්තාම ෂූට් එක අපිට හරි ලේසියි. ආශාවරී මම කැමරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් දින 100 පසු කළ ප්‍රථම චිත්‍රපටය වීමම ඇත්තටම මට විශේෂත්වයක්.
මොකක්ද මේ ෆිල්ම් එකක කලර් ග්‍රේඩ් කරනවා කියන්නේ.
අධ්යක්ෂවරයා එක්ක කතා කරලා ස්ටෝරි තීම් එක (කතා තේමාව) වගේම ෆිල්ම් එකේ කලර් තීම් එක ගැනත් අපි මුලින් කතා කර ගන්නවා. ඒ වර්ණයට අනුව තමයි නළු නිළියන්ගේ ඇඳුම් ජුවලරි ඇතුළු සියලු දේ තෝරා ගන්නේ. අපි තෝරා ගත් - වර්ණ තේමාවෙන් පිට කිසිදෙයක් යොදා ගන්නේ නැහැ. ඉන්පස්සේ ඒ තේමාව ගැන වර්ණ සංයෝජනය නැත්නම් කලර් ග්‍රේඩ් කරන කෙනා එක්ක කතා කරනවා. එහෙම නැතුව ඒ වැඩේ කරන්න බැහැ.
චිත්‍රපටයක් රූගත කිරීමේ දී ලංකාවේ තියෙන ලොකේෂන් නැතිනම් දර්ශනතල සෑම අවස්ථාවකටම ගැළපෙනවාද?
සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ චිත්‍රපටයක ඕනෑම අවස්ථාවක දර්ශන රූගත කරන්නට පුළුවන් තරම් ලොකේෂන් තියෙන රටක්. ෆිල්ම් එකට අවශ්‍ය දර්ශනතලය සොයා යාම තමයි අධ්යක්ෂවරයා සහ කැමරා අධ්යක්ෂවරයාගේ දක්ෂතාවය විය යුත්තේ. ලංකාවේ කඳුකර ප්‍රදේශ සහ ශීත ප්‍රදේශවල රූගත කිරීම් කරන්න වැඩිපුර ආසයි. ඒ ලොකේෂන්වල තියෙන භූමි දර්ශන වගේම කාලගුණික පරිසරයට මම ආසයි. ඒ නිසා සිනමාකරණය කැමරාවට ආකර්ෂණීය යමක් කළ හැකියි. කන්දක් සේ මා චිත්‍රපටයේ රූගත කිරීම් කළේ ජපානයේ දී. ඒ ජපානයේ පරිසරයට මම ඉතාම ආසයි. ශීත කාලගුණික තත්ත්වය යටතේ රූපගත කිරීම් කළ ඒ චිත්‍රපටයේ දර්ශනවලට ඇත්තටම මම ආසයි. ඒ හැර යුරෝපීය රටවල ෂූට් කරන්න මම වැඩිපුර කැමතියි.
සඳුන් ගමගේ