ජයනි සේනානායකගේ බර්ත්ඩේ එකට පියුමිගෙන් සප්‍රයිස් එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවන දක්ෂ නිළි ජයනි සේනානායකගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඉතින් ජයනිට ගොඩක් සමීප ආදරණීය හිතවතිය වන පියුමි බොතේජු ඇයට සුබ පතමින් ලස්සන ආදරණීය සටහනක් ෆේස්බුක් එකට එකතු කරලා තියෙනවා.

මේ තියෙන්නෙ ඒ සටහන සහ ඡායාරූප.

මගේ Queen අපේ ගෙදර ලොකු දුව ඕනම කරදරේකදී අක්කා මුලින්ම ඇවිල්ලා. පලවෙනි නාට්ටියේ මගේ අම්මා ඔයා ඒ වගේම හැමදාටම හොද නරක කියාදිලා ලගින්ම ඉන්නවා. මට විතරක් නෙවෙයි මගේ අම්මට තාත්තට ඔයා දෙන ආදරේ ඒකට පිං අක්කේ ඔයාට, මගේ පවුලේ හැමෝටම එහෙමයි. අපි හැමෝගෙම ලොකු අක්කා, ගෙදර මොනදේ කලත් එතන මුල් තැන ඔයාට දෙන්නේ ඒ ආදරේ භක්තිය නිසාමයි. මං කඩා වැටුන හැම මොහොතකම නැගිටින්න ඔයා මට හයියක් වුනා....
කන්න ආස ඕන කෑමක් මං අම්මිට කලින් කියන්නේ ඔයාට ඔයා මං කියන පරක්කුවට ඒක හදලා දෙනවා..
ඔයාට ඉතින් අපි මේ ඔක්කොම කෝලන් ටික කරනවට සංජිව අයියා මුකුත්ම කියන්නැති හින්දා හොදයි
එයා ඉතින් හොද අයියානේ අපේ......
දන්නවනේ ඉතින් මේ ඔක්කොම විස්තර කියාගෙන එන්නේ අද අක්කගේ විශේෂ දවසක් කියලා...
මගේ Queen ! අපේ ලොකු අක්කා ඔයාට හැමදාමත් වගේ ජොලියෙන් කෑම බීම් මල් වලින් පිරෙන සුබම සුබ උපන්දිනයක් වේවා! Happy Birthday Queen
ගිය අවුරුද්දේ තාත්තිත් ආපු photo එකත් දැම්මා හොදේ.