ජනප්‍රියත්වය ගැන නෙවෙයි රඟපෑම මට අලුත් දෙයක්. ඒ නිසා ඒ අත්දැකීම කරලා බලන්න ආසයි
මෙයාගෙ නම සජී මොහොට්ටිගේ. රූපවාහිනී නිවේදිකාවක ලෙස තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන ඇය ඊට අමතරව අපට හමුවන්නේ ශාන්ත සොයිසාගේ හීනයකි මේ ආදරේ නාට්‍යයේ ටාෂි නමිනි. ඉතින් ඒ විදියට ටාෂි වූ මේ සජී කවුද? ඇයි ඇය රංගනයට ආවේ? රූපවාහිනී වැඩසටහන් නිවේදනයෙන් පැමිණ රංගනයට පැමිණි සජී කලාවේ මොනවගේ ගමනක් යාවි ද? තාරුණ්‍යයේ මේ කතාබහට සජී ඒ සියල්ල ගැන අපට කියාවි.
සජී මොහොට්ටිගේ තවත් නම් තියෙනව ද?
නැහැ, එච්චර තමයි.
මොන නමින් ද ඔයාට වැඩිපුර කතා කරන්නෙ?
සජී කියලත් කියනවා, මොහොට්ටිගේ කියලත් කියනවා.
සජී කවුද?
මම හිරු ටීවී එකේ නිවේදිකාවක්. හිරු ටොප් ටෙන්, වින්දනීය උදෑසන ඉදිරිපත් කරන්නෙ මම. ඒ අතරේදී තමයි රඟපාන්න ආවෙ.
හේතුව?
රඟපෑමට එන්න මුලදී මගේ අදහසක් තිබුණෙ නැහැ. අහම්බයකින් වගේ තමයි රංගනයට ආවෙ.
හීනයකි මේ ආදරේ, ප්‍රථම රංගනය ද?
මීට පෙර හිරු නාලිකාවේ ෂැඩෝ නාට්‍යයේ රඟපෑවා. ඒත් දිගට යන චරිතයක් විදියට මුලින්ම රඟපාන්නෙ ITN එකේ යන හීනයකි මේ ආදරේ නාට්‍යයේ.
කලා ක්ෂේත්රයේ පවුලක කෙනෙක්ද?
නැහැ, අම්මා - තාත්තා ඉතින් එයාලගෙ වැඩ කරගෙන ඉන්නවා.
සජී ඉගෙන ගත්තෙ?
තංගල්ල බාලිකා විද්‍යාලයේ.
තංගල්ලෙන් ඇවිත් කොළඹ පරිසරෙය ජීවත් වනවිට දැනෙන වෙනස මොන වගේද?
ගෙදර පරිසරයත් එක්ක බලද්දි ලොකු වෙනසක් තියෙන්නෙ. වැඩ නිසා කොළඹ ඉන්නම වෙනවා. ඒත් නිවාඩු ලැබුණු විගස තංගල්ලෙ යනවා. ගෙදර තියෙන නිදහස නිසා ගෙදර ඉන්න ආසයි. ඒත් වැඩ එක්ක ගෙදර ඉන්න බැහැනෙ. මුලින් කොළඹදී ලොකු වෙනසක් දැනුණෙ. ඒත් දැන් ගොඩාක්ම යාළුවො ඉන්නෙ කොළඹ. ඒ නිසා පාළු නැහැ. මොනවා කළත් වැඩිපුර ආස ගෙදර ඉන්න.
ඉගෙන ගත්තෙම කලා අංශයට ඒමේ අරමුණ ඇතිව ද?
නිවේදනය ගැන තමයි හිතුවෙ. ඒ නිසා ඒ ගැන උනන්දු වුණා. රූපවාහිනි, ගුවන් විදුලි දෙකේම අද නිවේදිකාවක් විදියට වැඩ කරනවා.
රඟපාන නිසාද වැඩි ප්‍රතිචාර?
රඟපෑමට තවම ආවා විතරනෙ. ඒත් ප්‍රතිචාර හොඳයි.
මේ නාට්‍යයේ සජීගෙ පියා ලෙස ඉන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රවීනයා? අම්මා ලෙස ඉන්නෙ දුලීකා?
මාව ආධුනික කියලා වෙනසක් කළේ නැහැ, හරිම හොඳට පිළිගත්තෙ. ඒ දෙන්නාගෙන් මට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. ශාන්ත සර් වගේම, මුළු කණ්ඩායමට වගේ දුන්නෙ ලොකු සහයෝගයක්. මාරම සපෝට් එකක් ලැබෙන්නෙ.
රඟපෑම ගැන හදාරලා තියෙනව ද?
දැන් හදාරනවා.
රඟපෑම හදාරන්නට පෙර සහ හදාරනකොට දැනෙන්නෙ කොහොමද?
රංගන ක්ෂේත්රයට ආපසු තමයි හිතුවෙ ඉගෙන ගන්න, රංගනය ඉගෙනීම පටන් ගත්තෙත් ළඟදී නිසා හදාරන්න තියෙන දේ බොහෝමයි.
රඟපෑමෙන් සජී බලාපොරොත්තු වන්නෙ? ජනප්‍රියත්වයද? නැත්නම්?
ජනප්‍රියත්වය ගැන නෙවෙයි රඟපෑම මට අලුත් දෙයක්. ඒ නිසා ඒ අත්දැකීම කරලා බලන්න ආසයි. ඒ වගේම ජීවිතයට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි.
රඟපෑම ලෙහෙසි ද?
හිතුව තරම් ලෙහෙසි නැහැ. ටීවී එක ඉස්සරහා ඉඳගෙන නරඹනවා වගේ නෙවෙයි. රඟපාන්න ආවට පස්සෙ තමයි රඟපෑම මොකක්ද කියලා තේරුණෙ. මම නිවේදනයට අමතරව ඩබ් කරනවා වෙළඳ දැන්වීම් වලට ඉන්නවා. ඉතින් රඟපෑම එක්ක තවත් දේ ඉගෙන ගන්න ලැබෙනවා. මියුසික් වීඩියෝ වගේම මොඩ්ලින් එහෙමත් කරනවා.
මේ දක්වා නැරඹූ නාට්‍ය වලින් සජී ආසා?
කූඹියෝ එකට ආසයි. අපි විලාසිතා ගැන කතා කරමු, විලාසිතා කිරීමේදී සජීට සීමාවක් තියෙනවද?
එහෙමම කියලා නැහැ. මම විලාසිතා කරන්න ආසයි. හැබැයි මට ගැලපෙන විදියට විතරයි. කවුරුත් කළ නිසාම කරන්නෙ නැහැ.
පෙම්වතියක් කියන මාතෘකාවේදී කොහොම හැසිරිය යුතුය කියල ද සජී හිතන්නෙ? පෙම්වතා කියන දේ විතරක් කළයුතුයි කියලද හිතන්නෙ?
නිදහස කියන එක තමයි අංක එක. එතැනදී කවුරුත් කියන විදියට පාලනය වෙලා ඉන්න එක නොවෙයි, බැඳීම කියන්නෙ. දෙන්නාට දෙන්නා හොඳට තේරුම් ගන්නවා නම් ඒ වගේ ප්‍රශ්න අනවශ්‍යයි. එකිනෙකා කරන වැඩ අවබෝධ කරගෙන සපෝට් එක දෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ.
සජීට තිබුණු ලොකුම හීනය ?
ටී.වී. ප්‍රසන්ටර් කෙනෙක් වෙන එක ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මගේ සිහිනය රඟපෑමෙන් දුරකට යන්න.
පිරිමි ළමුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සහ ආදර යෝජනා එද්දී කොහොමද ඒවාට ප්‍රතිචාර දක්වන්නෙ?
ඔව් ඒවගේ දේ බොහෝවිට ලැබෙනවා. එයාලගෙ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා, මොන දේ වුණත්, ප්‍රේමයකට නොයා, මුලින්ම මට ඕනෑ කරන්නේ මම කරන මේ වෘත්තියෙන් ඉහළට යන්න පුළුවන් විදියට මගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට මහන්සි ගැනීමයි. හරිම කෙනා හරිම හරිම කාලයේදී මට හමුවේවි. එතෙක් මම කළබල නැහැ.
කවදාහරි විවාහය සිදුවේවිනෙ? ඉතින් විවාහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට නම් තිබිය යුතු ගුණාංග විදියට සජී දකින්නෙ?
විශ්වාසය සහ තේරුම් ගැනීම. ඒ දෙක තියෙනවා නම් ඒ විවාහය වඩාත් අරුත්බර වේවි.
ප්‍රේමය ගැන අත්දැකීම් තියෙනව ද?
තියෙනවා, තියෙනවා. ආදරේ කියන්නෙ හොඳ දෙයක්. නමුත් තෝරා ගන්නා කෙනා මත තමයි එය සුන්දර හෝ අසුන්දර වෙන්නෙ. ඒත් මේ දිනවල මම හිතන්නෙ ඒ ගැන නොවෙයි. මගේ වැඩ ගැන.
ප්‍රේමය ගැන විග්‍රහයක් කළොත් ?
මගේ ප්‍රෝග්‍රෑම්වලට මම ප්‍රේම කරනවා. දවස ගානේ, ඒ ප්‍රෝග්‍රෑම් එකේදී ආදරේ ගැන කතා කරනවනෙ. ආදරේ මොකක්ද කියලා තීරණය වෙන්නෙ තෝරා ගැනීම මත තමයි.
කලා ක්ෂේත්රය තෝරා ගැනීම ගැන අද කොහොම ද හිතෙන්නෙ?
ලොකු සතුටක් තියෙන්නෙ. නිවේදනයෙන් එහාට ගිහින් රඟපාන්න ගත්තාම අද තව චරිත වලට ආරාධනා ලැබෙනවා. ඒත් මට කලබලයක් නැහැ.
සජීගෙ ජීවිතය හොඳයි ?
හොඳයි, සතුටින් ගෙවෙන්නෙ.
ජීවිතේ වැඩිපුර ආසා කරන්නෙ ?
වැඩ කරන්න. වැඩ කරන තරමට මම ආසයි, නිදහස ලැබුණු විගස ඇවිදින්න යන්න, සංචාරයට ආසයි. මෑතකදී ගියේ කණ්ඩලමට. ඒ තැනට මම හරි ආසයි. ඒ වගේම නිවාඩුවක් ලැබුණු විගස තංගල්ලෙ යන්නෙ. ගෙදරදී රසට කෑමක් හදන්න එහෙම කැමතියි. මම හිතන්නෙ මට හොඳට උයන්නත් පුළුවන්. ස්පැගට් එහෙමත් හදන්න පුළුවන්. ගෙදර නිසාම නිදහසේ ඉන්න කොට ඒවා තමයි කරන්නෙ.
සඳුන් ගමගේ