ජනප්‍රිය සුරූපී ගායිකා දිල්කි උරේෂාගේ හැමෝම හොයපු කඩවසම් පෙම්වතා මෙන්න
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන මෑත කාලයේ බිහිවුණු නව පරපුරේ ඉතාමත් ජනප්‍රිය සුරූපී ගායිකාවක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ. ඉතින් ගායනයෙන් වගේම සුන්දරත්වයෙනුත් හෙබි ඇයගේ සත්තයි මට ඔබ වාගේ, හුස්මක් තරමට, ඔබට ආදරෙයි මන්, ලිය ලියා දුන් වගේ ගීත බොහොමයක් රසික හදවත් බොහෝසෙයින් අඳ බැඳ තබා ගැනීමට හැකිවුනා කිවුවොත් නිවැරදියි.
කොහොම නමුත් පහුගිය දිනවල ඇය ගැන සමාජ මාධ්‍ය ජාලා වල බොහෝසෙයින් කතා බහට ලක්වුණේ කඩවසම් ජනප්‍රිය නළුවෙක් වන සංජය මුරමුදලි එක්ක ඇය විවාහ වෙලා කියලයි. නමුත් එය ඇයගේ මියුසික් වීඩියෝවක් සඳහා කරපු ෆොටෝ ශූට් එකක් විතරයි කියලයි අපට දැනගන්න ලැබුනේ. කොහොම නමුත් ඇය දැන්නම් ඇත්තටම පෙම්වතියක්. ඉතින් ඇයගේ කඩවසම් පෙම්වතාගේ නම තමයි නදුන් ගිම්හාන කියලා කියන්නේ.
ඉතින් මේ රටක් ආදරය කරන ජනප්‍රිය සුරූපී ගායිකාව දිල්කි උරේෂා ඇයගේ කඩවසම් පෙම්වතා එක්ක ලබාගත්ත ආදරණීය සුන්දර ඡායාරූප කිහිපයක්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුරූපී ගායිකාව දිල්කි උරේෂාටත් ඇයගේ ආදරණීය කඩවසම් පෙම්වතාටත් අපි හදවතින්ම සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.